30.6 C
Colombo
Monday, July 7, 2025

රට හැර යන ගුවන් ගමන් පාලක පුරප්පාඩු පිරවීමට උසස් පෙල සමතුන්…

Published:

උසස් පෙළ සමත් පුද්ගලයන් ගුවන් ගමන් පාලකවරුන්ගේ පුරප්පාඩු පිරවීමට බඳවා ගන්නා බවට වන් සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා කළ ප්‍රකාශයට විරෝධතාව පළ කරන බව ගුවන් ගමන් පාලකවරුන්ගේ සංගමය සඳහන් කරයි.
මෙම ක්‍රියාපටිපාටිය එරෙහිව වෘත්තීය ක්‍රියාමාර්ගයකට එළැඹීමට කටයුතු කරන බවද සංගමයේ සභාපති තිසර අමරනන්ද මහතා පැවසීය.
මෙරට ඇති අර්බුදය හමුවේ ගුවන් ගමන් පාලකවරුන් රට හැර යාම හේතුවෙන් එම පුරප්පාඩු පිරවීමට උසස් පෙළ ප්‍රතිපල මත විවිධ පුද්ගලයන් ඊට ආදේශ කරන්නේ නම් බරපතළ ගැටලුවක් බව ද සභාපතිවරයා පෙන්වා දෙයි.

රට හැර යනු ලබන්නේ ඉතා දක්ෂ පළපුරුදු ගුවන් ගමන් පාලකවරුන් බවත් එම පුරප්පාඩු පිරවීමට බදවා ගත යුත්තේ සුදුසුකම් සහිත පුද්ගලයන් බවත් ඔහු තව දුරටත් කියා සිටියේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Related articles

spot_img

Recent articles

381FansLike
28FollowersFollow
4,214FollowersFollow
5FollowersFollow
6,000SubscribersSubscribe
spot_img