26.7 C
Colombo
Wednesday, November 26, 2025

රට සම්පුර්ණයෙන් විවෘත කළ හැකි දිනය ගැන ජනපති කියයි…

Published:

රට සම්පුර්ණයෙන් විවෘත කළ හැකි දිනය ගැන ජනපති කියයි…

එන්නත්කරණය වේගවත් කළහොත් සැප්තැම්බර් මාසය වනවිට රට සම්පූර්ණයෙන්ම විවෘත කිරීමට හැකි තත්ත්වයක් පවතින බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසනවා.

“එන්නත් මිලියන 9ක් මේ මාසෙට අපිට ලැබෙනවා. මේ තත්ත්වය යටතේ අපිට සැප්තැම්බර් වෙනකොට මේ රට සම්පූර්ණයෙන්ම විවෘත කරන්න පුළුවන් තත්ත්වයක්. මොකද අපි ඉක්මනින්ම රට විවෘත නොකළොත් මේ ආර්ථිකය ඉදිරියට ගෙනියන්න පුළුවන්කමක් වෙන්නේ නෑ.” ජනාධිපති ලේකම් කාර්යාලයේ පැවැති වැඩසටහනකදී ජනාධිපතිවරයා මේ බව ප්‍රකාශ කර සිටියා.

මේ අතර ගොවියාටත් පාරිභෝගිකයාටත් සහන සැලසෙන පුළුල් වැඩකොටසක් සමූපකාර ව්‍යාපාරයට කළ හැකි බව ජනාධිපතිවරයා පෙන්වා දී සිටියා.

අද පෙරවරුවේ ජනාධිපති ලේකම් කාර්යාලයේදී 99 වන ජාත්‍යන්තර සමූපකාර දින සැමරුම් උත්සවය අමතමින් ජනාධිපතිවරයා ඒ බව සඳහන් කළේ.

ජනාධිපතිවරයා පෙන්වා දෙන්නේ රජය සැලසුම් කර ඇති කාබනික පොහොර සහ සූර්ය බලශක්ති වැඩසටහන සාර්ථකව ජය ගැනීමට සමූපකාරයට පුළුල් දායකත්වයක් ලබාදිය හැකි බවයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Related articles

spot_img

Recent articles

381FansLike
28FollowersFollow
5,472FollowersFollow
5FollowersFollow
6,000SubscribersSubscribe
spot_img