27.2 C
Colombo
Tuesday, August 26, 2025

රට බංකොලොත් කළ අය ගැන සොයන්න ජනපතිගෙන් තේරීම් කාරක සභාවක්…

Published:

වැරදි රාජ්‍ය මූල්‍ය ප්‍රතිපත්ති මගින් ආර්ථිකය බංකොලොත් භාවයට ගෙනගිය පිරිස් ගැන සෙවීමට පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවක් පත්කරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.

ජනාධිපතිවරයා මේ බව පැවසුවේ පාර්ලිමේන්තුවේ අද (08)  අයවැය තෙවැනි වර කියැවීමේ විවාදයට එක්වෙමිනි.

දුරදිග නොබලා ජනප්‍රිය තීන්දු තීරණ ගැනීම හේතුවෙන් අද රට බලවත් දුෂ්කරතාවකට මුහුණ දී සිටින බවත්, රටේ අනාගතය  යහපත් කිරීමට නම් ජනප්‍රිය නොවන තීන්දු තීරණ ගැනීමට සිදුව තිබෙන බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.

රට මෙවැනි ආර්ථික අර්බුදයකට පත්වීමට වැරදි තීන්දු තීරණ ගත් පර්ශ්වයන් සහ ඒ සම්බන්ධයෙන් සොයා බැලීමට පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවක් පත් කරන ලෙස මෙහිදී මන්ත්‍රීවරු කළ ඉල්ලීමට ජනාධිපතිවරයා සිය එකඟත්වය පළ කරමින් ඒ බව සඳහන් කළේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Related articles

spot_img

Recent articles

381FansLike
28FollowersFollow
4,413FollowersFollow
5FollowersFollow
6,000SubscribersSubscribe
spot_img