29.5 C
Colombo
Thursday, August 21, 2025

රට පුරා අද පැවැත්වෙන මැයි දින සැමරුම්…

Published:

අදට යෙදෙන ජාත්‍යන්තර කම්කරු දිනයට සමගාමීව ප්‍රධාන දේශපාලන පක්ෂ හා සංවිධාන රැසක් මැයි දින පෙළපාළි සහ රැළි පැවැත්වීමට කටයුතු යොදා තිබේ.

ජාතික ජන බලවේගයේ ප්‍රධාන මැයි රැළිය පස්වරු 3.30 ට පැවැත්වෙන්නේ පක්ෂයේ නායක , ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙනි.

කොළඹ ගාලු මුවදොර පිටියේදී එය පැවැත්වීමට නියමිතයි.

ඒ , රට හදන ජන බලය පෙළගැසෙන මැයි රැළිය යන තේමාවෙනි.

සමගි ජන බලවේගයේ ප්‍රධාන මැයි දින රැළිය අද තලවකැලේ නගරයේදී පැවැත්වීමට මේ වන විට සියල්ල සූදානම්.

පක්ෂයේ නායක , විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන් එය පැවැත්වෙනු ඇත.

‘ගම දිනවන සටනට කම්කරු බලය’ යන්න මෙවර එහි තේමාවයි.

ශ්‍රී ලංකා පොදුජන පෙරමු‍ණේ මැයි දින රැළිය නුගේගොඩ ආනන්ද සමරකෝන් එළිමහන් රංග පීඨයේදී අද පැවැත්වේ.

ඒ , පක්ෂයේ නායක , හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙනි.

එක්සත් ජාතික පක්ෂය  මැයි දින රැළියක් සංවිධානය කර නොමැත.

නමුත් මැයි දිනය වෙනුවෙන් සෑම ඡන්ද කොට්ඨාශයකමදීම, පළාත් පාලන ඡන්දය පිළිබඳ තම පාක්ෂිකයින් දැනුවත් කිරීමේ ජන හමු මාලාවක් සංවිධානය කර ඇතැයි, එම පක්ෂයේ සභාපති වජිර අබේවර්ධන මහතා සඳහන් කළේ ය.

පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ මැයි රැලිය අද පස්වරුවේ  කිරුළපන ලලිත් ඇතුලත්මුදලි ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට කටයුතු සුදානම් කර ඇතැයි, එම පක්ෂයේ ප්‍රචාරක ලේකම් දුමින්ද නාගමුව මහතා ප්‍රකාශ කළේ ය.

කොළඹ නගරයේ පමණක් අද  සංවිධාන කර ඇති පෙළපාළි, රැස්වීම් හා සැමරුම් උත්සව සංඛ්‍යාව 15 ක්.

මැයි රැළි සඳහා සුදුසු පරිදි ආරක්ෂාව සලසන්නැයි පොලිසියට උපදෙස් දී තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Related articles

spot_img

Recent articles

381FansLike
28FollowersFollow
4,370FollowersFollow
5FollowersFollow
6,000SubscribersSubscribe
spot_img