23 C
Colombo
Sunday, January 18, 2026

රජයේ සහ රජයේ අනුමත සියලු පාසැල් හෙට සිට විවෘත කෙරේ…

Published:

රජයේ සහ රජයේ අනුමත සියලු පාසැල් හෙට සිට විවෘත කෙරේ…

රජයේ සහ රජයේ අනුමත පෞද්ගලික පාසල් හෙට සිට යළි ආරම්භ කෙරෙනවා. කෙසේවෙතත් යළි දැනුම් දෙන තුරු පාසල් පැවැත්වෙන්නේ සදුදා, අගහරුවාදා සහ බ්‍රහස්පතින්දා දිනවල පමණක් බවයි අධ්‍යාපන අමාත්‍යාංශය සදහන් කළේ.

බදාදා සහ සිකුරාදා දිනවලදී සිසුන්ට නිවසේ සිට ඉගෙනීමේ කටයුතුවල නිරත විය හැකි ක්‍රියාකාරකම් ලබාදීම හෝ මාර්ගගත ක්‍රමයට  ඉගැන්වීම් කටයුතු සිදුකෙරෙනවා. ඵ් පිළිබද පළාත් අධ්‍යාපන ලේකම්වරු, පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂවරුන්, කලාප අධ්‍යාපන අධ්‍යක්ෂවරුන්, කොට්ඨාස භාර නියෝජ්‍ය සහ සහකාර අධ්‍යාපන අධ්‍යක්ෂවරුන් මෙන්ම විදුහල්පතිවරුන් දැනුවත් කර ඇති බවයි අධ්‍යාපන අමාත්‍යාංශය වැඩිදුරටත් සදහන් කළේ.

කෙසේ වෙතත් දකුණු පළාත් සභාව මඟින් පාලනය වන සියලු පාසල් හෙටින් ආරම්භ වන සතියේ දින 05ක් පැවැත්වීමට තීරණය කර තිබෙනවා. එහෙත් විදුහල්පතිවරුන්, නියෝජ්‍ය සහ සහකාර විදුහල්පතිවරුන් මෙන්ම ගුරුවරුන් සහ අනධ්‍යන කාර්ය මණ්ඩලය සේවයට කැඳවීම කොටස් වශයෙන් සිදු කිරීමටයි තීරණය කර ඇත්තේ.

දකුණු පළාතේ පාසල් දරුවන්ගෙන් සියයට 80ක් පමණ පා ගමනින් සහ පාපැදි වලින් පාසල්වලට පැමිණීම හේතුවෙන් මෙලෙස සතියේ දින 05 ම පාසල් පැවැත්වීමට තීරණය කල බවයි දකුණු පළාත් අධ්‍යාපන අමාත්‍යංශ ලේකම් රංජිත් යාපා සදහන් කර ඇත්තේ.

දකුණු පළාත් සභාව මඟින් පාලනය වන පාසල් දහසක් පමණ තිබෙන අතර එම පාසල් සියල්ල හෙට සිට දින 05 තුළ විවෘත කර තැබීමටයි දකුණු පළාත් සභාව තීරණය කර ඇත්තේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Related articles

spot_img

Recent articles

381FansLike
28FollowersFollow
6,010FollowersFollow
5FollowersFollow
6,000SubscribersSubscribe
spot_img