27.8 C
Colombo
Wednesday, September 10, 2025

රජයෙන් විශේෂ දැනුම්දීමක්…

Published:

වෛද්‍යවරුන් විශ්‍රාම ගැන්වීම සඳහා ක්‍රම කිහිපයක් අනුගමනය කිරීමට කැබිනට් අනුමැතිය හිමිවූ බව කැබිනට් මාධ්‍ය ප්‍රකාශක අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පැවසීය.

අද පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව පැවසීය.

එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් අමාත්‍යවරයා ප්‍රකාශ කළේ මේ වනවිට වයස අවුරුදු 60,61 සහ 62 සම්පූර්ණ කර ඇති වෛද්‍යවරුන් වයස අවුරුදු 61,62 සහ 63 වනවිට විශ්‍රාම ගැන්වීම සඳහා ගෙන එන ලද මෙම යෝජනාවට කැබිනට් අනුමැතිය හිමිවූ බවය.

“කිසිදු හිඟයකින් තොරව පහළ ශ්‍රේණිවල ඉන්න අය විශ්‍රාම යාමෙන් පස්සේ ඉහළ ශ්‍රේණිවලට ගමන් කිරීමෙන් කිසිදු හිඟතාවයක් ඇතිවන්නේ නෑ කියලා තර්ක කරන එක කොටසක් හිටියා. විශ්‍රාම යාමට සිටින අය එසේ විශ්‍රාම ගියොත් පාඩුවක් ඇතිවන බවට ප්‍රචාරයක් ගෙනිච්චා. හිටපු සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා වෛද්‍ය සේවයට පමණක් විශ්‍රාම යාමේ වයස් සීමාව 63 දක්වා අවස්ථාව දී තිබුනා. නමුත් දැන් විශ්‍රාම යාමේ වයස් සීමාව 60ට ගෙන ඒම තුළ පසුගිය කාලයේ පැවතුනු තත්ත්වය පිළිබඳව දීර්ඝ ලෙස කරුණු අධ්‍යයනය කරන්න කැබිනට් මණ්ඩලය විසින් කැබිනට් අනුකාරක සභාවක් පත්කළා. ඒ කැබිනට් අනුකාරක සභාව අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා, අධිකරණ අමාත්‍ය ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතා, කර්මාන්ත අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මහතා, මුදල් රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ මහතා යන අයගේ ප්‍රධානත්වයෙන් රැස්වුණා. ඒ කැබිනට් අනුකාරක සභාවේ වාර්තාව ඊයේ කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කළා. කැබිනට් මණ්ඩලය විසින් එම වාර්තාවට අනුව තීරණයක් ගනු ලැබුවා  සමස්ත රාජ්‍ය සේවයට අදාළ වන පොදු තීරණයක් ලෙස අවුරුදු 60 සම්පූර්ණ වූ සියලුම රාජ්‍ය සේවකයින් විශ්‍රාම ගැන්වීමේ ප්‍රතිපත්තියට එළැඹුණද. මෙරට නිදහස් සෞඛ්‍ය සේවයට එම ප්‍රතිපත්ති තීරණය මත කෙටි කාලයේදී මුහුණදිය හැකි අනිටු බලපෑම් පිළිබඳව ඉදිරිපත් වූ සියලු දත්ත විශ්ලේෂණය කිරීමට භාජනය කිරීමෙන් හා වාර්ෂික ස්ථාන මාරු ක්‍රියාවලිය හරහා ඉදිරි මාස දෙකක කාලසීමාවක කාලය තුළ අපේක්ෂිත ස්ථානගතකිරීම් සපුරාගැනීමේදී මුහුණදීමට සිදුවන අතිරේක අභියෝග පිළිබඳව දීර්ඝ ලෙස කමිටුව සාකච්ඡා කිරීමෙන් අනතුරුව පහත සඳහන් නිර්දේශවලට එළැඹෙන ලදී.”

“දැනට වයස 63 සම්පූර්ණ කර ඇති වෛද්‍යවරුන් එළැඹෙන දෙසැම්බර් 31 වන දින විශ්‍රාම ගැන්වීම.”

“මේ වනවිට වයස අවුරුදු 62 සම්පූර්ණ කර ඇති වෛද්‍යවරුන් තම වයස අවුරුදු 63 වනවිට විශ්‍රාම ගැන්වීම.” 

“මේ වනවිට වයස අවුරුදු 61 සම්පූර්ණ කර ඇති වෛද්‍යවරුන් තම වයස අවුරුදු 62 වනවිට විශ්‍රාම ගැන්වීම.”

“මේ වසරේදී වයස අවුරුදු 60  සම්පූර්ණ කර ඇති වෛද්‍යවරුන් තම වයස අවුරුදු 61 වනවිට විශ්‍රාම ගැන්වීම.” 

“මේ වනවිට වයස අවුරුදු 59ක් සම්පූර්ණ කර ඇති වෛද්‍යවරුන් තම වයස අවුරුදු 60 වනවිට විශ්‍රාම ගැන්වීම.” 

“නිර්දේශිත වෛද්‍යවරුන් විශ්‍රාම ගැන්වීමේ අන්තර්කාලීන ක්‍රියාමාර්ගය 2023 වර්ෂයේ දෙසැම්බර් 31 වනදායින් අවසන් වියයුතු වන අතර මින් ඉදිරියට අනෙකුත් රාජ්‍ය නිලධාරීන් මෙන්ම වෛද්‍ය නිළධාරීන්ට ද වයස අවුරුදු 60 සම්පූර්ණ වීම මත විශ්‍රාම ගැන්විය යුතු බව නිර්දේශ කරලා තියෙනවා. මේ සඳහා කැබිනට් අනුමැතිය ලැබුණා.” 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Related articles

spot_img

Recent articles

381FansLike
28FollowersFollow
5,009FollowersFollow
5FollowersFollow
6,000SubscribersSubscribe
spot_img