30.6 C
Colombo
Sunday, July 6, 2025

රග්බි ලෝක කුසලානය මහජන ප්‍රදර්ශනයට ලංකාවට…

Published:

2023 ලෝක රග්බි කුසලානය මහජන ප්‍රදර්ශනය සඳහා ශ්‍රී ලංකාවට රැගෙන ඒම පිළිබඳව විශේෂ සාකච්ඡාවක් ක්‍රීඩා හා යෞවන කටයුතු අමාත්‍ය රොෂාන් රණසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් එම අමාත්‍ය කාර්යාලයේ දී පැවැත්වුණි.
වෙනත් රටකට එම කුසලානය ප්‍රථම වරට රැගෙන එනු ලබන අතර එම අවස්ථාව ශ්‍රී ලංකාවට හිමිකරගැනීමට අවශ්‍ය කටයුතු මේ වන විට සිදු කරමින් පවතී.
මෙම සාකච්ඡාවට ක්‍රීඩා හා යෞවන කටයුතු අමාත්‍යාංශයේ ලේකම් කේ. මහේෂන් මහතා, ජාතික ක්‍රීඩා සභාවේ සභාපති අර්ජුන රණතුංග මහතා, ක්‍රීඩා අමාත්‍යවරයාගේ උපදේශක සුදත් චන්ද්‍රසේකර මහතා, ජාතික ක්‍රීඩා සභාවේ ලේකම් සුජානි බෝගොල්ලාගම මහත්මිය ඇතුළු පිරිසක් එක් වූහ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Related articles

spot_img

Recent articles

381FansLike
28FollowersFollow
4,206FollowersFollow
5FollowersFollow
6,000SubscribersSubscribe
spot_img