30.6 C
Colombo
Sunday, July 6, 2025

රංජිත් ද සොයිසාගේ දේහය අද රාත්‍රියේ ලංකාවට

Published:

අභාවප‍්‍රාප්ත පාර්ලිමේන්තු මන්තී‍්‍ර රංජිත් ද සොයිසා මහතාගේ දේහය අද (04) රාති‍්‍රයේ මව්බිමට රැගෙන ඒමට කටයුතු සූදා

අවසන් කටයුතු සිදු කරන ආකාරය පිළිබඳ ඉන් අනතුරුව තීරණය කරන බවයි ඥාතීන් පැවසුවේ.

අසනීප තත්ත්වයකින් සිංගප්පූරුවේ රෝහලක ප‍්‍රතිකාර ලබමින් සිටියදී පාර්ලිමේන්තු මන්ති‍්‍ර රංජිත් ද සොයිසා මහතා අභාවප‍්‍රාප්ත වුණා. 1962 වසරේ මැයි මස 03 වැනිදා උපත ලද ඒ මහතා අභවප‍්‍රාප්ත වන විට පසුවූයේ 57 වන වියේයි.

ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණේ ප‍්‍රබල කි‍්‍රයාකාරිකයෙකු වූ රංජිත් ද සොයිසා මන්තී‍්‍රවරයා පළමු වරට පාර්ලිමේන්තුවට තේරී පත්වූයේ 2010 මහමැතිවරණයේදීයි. 2015 මහ මැතිවරණයේදී ද එක්සත් ජනතා නිදහස් සන්ධානය යටතේ රත්නපුර දිස්ති‍්‍රක්කයෙන් රංජිත් ද සොයිසා මහතා පාර්ලිමේන්තුවට තේරී පත්වුණා.

 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Related articles

spot_img

Recent articles

381FansLike
28FollowersFollow
4,206FollowersFollow
5FollowersFollow
6,000SubscribersSubscribe
spot_img