28.4 C
Colombo
Tuesday, September 9, 2025

යූරියා බෙදීම ඇරඹේ…

Published:

මහ කන්නයේ වී වගාවේ පළමු යෙදුම සඳහා අවශ්‍ය යූරියා පොහොර මෙට්ට්‍රික් ටොන් 23,000 කට ආසන්න ප්‍රමාණයක් දිස්ත්‍රික්ක 07 ක ගොවිජන සේවා මධ්‍යස්ථාන වෙත යොමු කර ඇති බව කෘෂිකර්ලම අමාත්‍යංශය පවසනවා.

එම පොහොර රජයට අයත් කොමර්ෂල් පොහොර සමාගම හා ලංකා පොහොර සමාගම විසින් බෙදාහරින බවයි කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර පැවසුවේ.

මෙවර පමහ කන්නයේ වී වගා කිරීමට යෝජිත බිම් ප්‍රමාණය හෙක්ටයාර් අටලක්ෂ 14,678.43 ක්.

ඇතැම් දිස්ත්‍රික්කවල මහ කන්නයේ වී වගා කිරීම් කටයුතු මේවනවිට ආරම්භ කර ඇති අතර සෙසු දිස්ත්‍රික්කවල වගා කටයුතු ලබන සතියේ සිට ආරම්භ කිරීමට නියමිතයි. වී වගා කර සති 2 ක් තුළ යූරියා පළමු පොහොර ප්‍රමාණය යෙදිය යුතුයි. ඒ අනුව නියමිත වේලාවට ගොවීන්ට යූරියා පොහොර ලබාදීම සඳහා පසුගිය 29 වනදා සිට පොහොර බෙදාහැරීම් ආරම්භ කළ බවයි කෘෂිකර්ම අමාත්‍යවරයා පැවසුවේ.

පසුගිය යළ කන්නයේ මෙන් මෙවර මහ කන්නයේ ද කිලෝ ග්‍රෑම් 50 කින් යුත් යූරියා පොහොර මිටියක් ගොවීන්ට බෙදා දෙනු ලබන්නේ රුපියල් 10,000 ක මුදලකටයි. කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ නිර්දේශ මත අවශ්‍ය යූරියා පොහොර ප්‍රමාණය ගොවීන්ට නිකුත් කිරීමට පියවර ගෙන තිබෙනවා. ඒ අනුව එක් එක් දිස්ත්‍රික්ක අනුව හෙක්ටයාර 01 කට ලබාදෙන පොහොර ප්‍රමාණය කිලෝ ග්‍රෑම් 176 සිට 230 ක් පමණ වනවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Related articles

spot_img

Recent articles

381FansLike
28FollowersFollow
4,936FollowersFollow
5FollowersFollow
6,000SubscribersSubscribe
spot_img