23.4 C
Colombo
Friday, November 28, 2025

යූරියා පොහොර නැව ලංකාවට…

Published:

පොහොර මෙට්‍රික් ටොන් දොළොස්දහස් පන්සියයක් රැගත් පළමු නෞකාව පෙරේදා (26) රාත්‍රී කොළඹ වරායට පැමිණ තිබේ.

මහ කන්නයට අවශ්‍ය පොහොර මිලදී ගැනීම සඳහා ඉදිරිපත් කළ ටෙන්ඩරයට අනුව මෙම යූරියා පොහොර තොගය ගෙන්වූ බව කෘෂිකර්ම අමාත්‍යාංශය සඳහන් කරනවා.

කොළඹ වරායට පැමිණි එම පොහොර නැව නිරීක්‍ෂණය සඳහා අද (28) කෘෂිකර්ම ඇමැති මහින්ද අමරවීර මහතා ඇතුළු පිරිසක් එක්වීමට නියමිතය.

මහ කන්නයට අවශ්‍ය කරන පොහොර මෙටි්‍රක් ටොන් එක්ලක්‍ෂ විසිදහසක් රැගෙන දෙවැනි නැව ලබන නොවැම්බර් මස අවසානයේ පැමිණීමට නියමිත බවද කෘෂිකර්ම අමාත්‍යාංශය සඳහන් කරයි.

මෙම පොහොර මිලදී ගැනීම සඳහා ලෝක බැංකුව විසින් ඩොලර් මිලියන 110 ක මුදලක් ණය වශයෙන් ලබාදී තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Related articles

spot_img

Recent articles

381FansLike
28FollowersFollow
5,479FollowersFollow
5FollowersFollow
6,000SubscribersSubscribe
spot_img