28.4 C
Colombo
Friday, August 22, 2025

යුද හමුදාවට ෆේස්බුක්-වට්ස්ඇප්-ඉමෝ-වයිබර්-ටික්ටොක්-ට්විටර්-ස්කයිප් තහනම්!…

Published:

ජාතික ආරක්ෂාවට බලපාන මෙන්ම හමුදා නිලධාරීන්ගේ රහස්‍ය තොරතුරු මුදාහැරීම, අපහාසාත්මක, අසභ්‍ය, කාමුක දේශපාලනික ‌මෙන්ම කරුණු සමාජ මාධ්‍යය ජාලා ඔස්සේ මුදාහැරීම තහනම් කරමින් හමුදා මූලස්ථානය නියෝගයක් නිකුත් කර ඇත.

ඒ පෙරේදා (12 වැනිදා) සිට බලපැවැත්වෙන පරිදිය.

යුද හමුදා ප්‍රධාන සංඥා නිලධාරී මේජර් ජෙනරාල් එල්.ඩී. හේරත් විසින් නිකුත් කර ඇති නියෝගය මගින් සියලුම යුද හමුදා නිලධාරීන්ට හා සෙසු නිලයන්ට මෙම දැනුවත් කිරීම කර ඇත.

සමාජ ජාලා වෙබ් අඩවි භාවිතා කරන්නෙකු කිසිදු හේතුවක් මත ස්වකීය නිල අනන්‍යතා සහ තොරතුරු හෙළි නොකළ යුතු බවද මෙමගින් නියෝග කර ඇත.

සමාජ මාධ්‍ය ජාලා වෙබ් අඩවිවල සබඳුමක් (Link) උත්පතනය කිරීම (uploading), පෝස්ට් කිරීම (Posting) එමගින් යොමු කිරීම (Forwarding) සහ බෙදාහැරීම (Sharing) තහනම් බවද දැනුම් දී තිබේ.

වාර්ගික ආගමික සුසංවාදයට හානි පමුණුවන කරුණු, කිසියම් පුද්ගලයකු හෝ සංවිධානයක් පිළිබඳ අපකීර්ති කර ප්‍රකාශ, මෙන්ම මෙරට නීතියකින් තහනම් කළ කිසියම් කරුණක් හුවමාරු කිරීමද මේ අනුව තහනම්ය.

නිල ඇඳුම හෝ හමුදා ආයතන උපකරණ පෙන්නුම් කරන පැතිකඩ ඡායාරූප (profile pictures) හෝ පසුතල ඡායාරූප (cover photo graph) ප්‍රදර්ශනයද තහනම් කර ඇත.

යුද හමුදා සාමාජිකයන්ට සමාජ ජාලා වෙබ් අඩවි මෘදුකාංග පරිශීලනයේ දී යුද්ධ හමුදා විනය හා යුද්ධ හමුදා ප්‍රතිරූපය ආරක්ෂා කරගැනීම පිළිබඳ උපදෙස් උල්ලංඝනය කිරීම ගැන සයිබර් ආරක්ෂණ ඒකකය මගින් නිරීක්ෂණය කර ඇතැයිද මෙයින් පෙන්වා දී ඇත.

ඉමෝ ලයිව්, ටික් ටොක්, ස්කයිප්, වයිබර්, වට්ස්ඇප්, ෆේස්බුක්, ට්විටර්, වී චැට් වැනි මෘදුකාංග භාවිතා කරමින් තම යුද හමුදා අනන්‍යතාවයන් පිළිබිඹුවන ආකාරයේ වීඩියෝ අන්තර්ජාලය වෙත මුදාහැරීමද මේ වන විට බහුලව නිරීක්ෂණය වන බවත් එය හමුදා නියෝගවලට පටහැනි බැවින් එයින් වැළකී සිටින ලෙසත් දන්වා ඇත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Related articles

spot_img

Recent articles

381FansLike
28FollowersFollow
4,367FollowersFollow
5FollowersFollow
6,000SubscribersSubscribe
spot_img