24.5 C
Colombo
Wednesday, November 26, 2025

යුක්රේනයේ  සාමාන්‍ය වැසියන්  ගමන් කළ බස් රථයකට රුසියානු ප්‍රහාරයක්

Published:

යුක්රේනයේ  සාමාන්‍ය වැසියන්  ගමන් කළ බස් රථයකට රුසියාව එල්ල කළ ප්‍රහාරයකින් 09 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.

රුසියා දේශසීමාව ආසන්නයේ සුමී ප්‍රදේශයට ගමන් කරමින් තිබූ බස් රථයකටයි රුසියාව ඩ්‍රෝන ප්‍රහාරයක් එල්ල කර තිබෙන්නේ.

ප්‍රහාරයෙන් තවත් පුද්ගලයන් 07 දෙනෙකු තුවාල ලබා තිබේ.

රුසියාව සහ යුක්රේනය  අතර  පළමු සෘජු සාම සාකච්ඡා ආරම්භ කර පැය කිහිපයකට පසුවයි මෙම ප්‍රහාරය සිදුව තිබෙන්නේ.

යුක්රේන ජාතික පොලීසිය මෙම  ප්‍රහාරය ම්ලේච්ඡ යුද අපරාධයක් ලෙස පෙන්වා දෙයි.

සියලු යුද සම්මතයන්,  ජාත්‍යන්තර නීතිය හා මනුෂ්‍යත්වය නොසලකා සිවිල් වැසියන් ඉලක්ක කර ගනිමින් රුසියාව සිදු කරන පහරදීම් යුක්රේන රජය දැඩිව හෙලා දකි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Related articles

spot_img

Recent articles

381FansLike
28FollowersFollow
5,473FollowersFollow
5FollowersFollow
6,000SubscribersSubscribe
spot_img