25.6 C
Colombo
Sunday, August 24, 2025

යළි පිබිදෙන ට්‍රම්ප්….

Published:

ඇමරිකා එක්සත් ජනපදයේ හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් තමා නැවත වරක් 2024 ජනාධිපතිවරණය වෙනුවෙන් තරඟ කරන බව අයෝවා හි පැවති රැලියකදී ප්‍රකාශ කර ඇති බව ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කර තිබේ.

“අපේ රට සාර්ථක, ආරක්ෂිත සහ තේජාන්විත කිරීම සඳහා, මම බොහෝ විට එය නැවත කරන්නෙමි ඉතා ඉක්මනින්, සූදානම් වන්න. ” යනුවෙන් හිටපු ජනාධිපතිවරයා ප්‍රකාශ කළ බව පසුගියදා Axios, CNN සහ The New York Times වාර්තා කර තිබිණ. හඳුනා නොගත් මූලාශ්‍ර උපුටා දක්වමින් පුවත්පත් වාර්තා කර තිබුණේ, ට්‍රම්ප්ගේ ජනාධිපතිවරණ නිල නිවේදනය නොවැම්බර් 14 වැනි දිනට පෙර පැමිණිය හැකි බවයි.

2024 සඳහා තරඟ කරනු අනෙකුත් ජනාධිපති අපේක්ෂකයින් වන්නේ ජෝ බයිඩන්, ෆ්ලොරිඩා ආණ්ඩුකාර රොන් ඩිසැන්ටිස්, ට්‍රම්ප්ගේ හිටපු උප ජනාධිපති මයික් පෙන්ස් සහ හිටපු එක්සත් ජාතීන්ගේ නියෝජිත නිකී හේලි ය.

ජනාධිපති ලෙස දෙවරක් දෝෂාභියෝගයට ලක් වූ ට්‍රම්ප් වෙනුවෙන්නා නඩු විභාග කිහිපයක් පැවැත්වෙමින් ඇත.

හිටපු ජනාධිපතිවරයා රජයේ රහස්‍ය ලේඛන වැරදි ලෙස පරිහරණය කිරීම සම්බන්ධයෙන් අධිකරණ දෙපාර්තමේන්තුව විසින් මේ වන විට අපරාධ පරීක්ෂණයක් පවත්වන අතර, ට්‍රම්ප්ගේ ආධාරකරුවන් විසින් 2021 ජනවාරි 6 වන දින එක්සත් ජනපද කැපිටල් වෙත මාරාන්තික ප්‍රහාරයක් එල්ල කිරීම සම්බන්ධයෙන් විමර්ශනය කරන කමිටුව ඉදිරියේ දිවුරුම් දීම සඳහා ට්‍රම්ප්ට නියෝග කර තිබේ.

ඒ අනුව ට්‍රම්ප් මෙවර ජනාධිපතිවරණයට මුහුණ දෙන්නේ නීතිමය ගැටලු සහ විමර්ශන රාශියකට මුහුණ දී සිටින අවස්ථාවකය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Related articles

spot_img

Recent articles

381FansLike
28FollowersFollow
4,366FollowersFollow
5FollowersFollow
6,000SubscribersSubscribe
spot_img