24.5 C
Colombo
Thursday, August 28, 2025

යළි පැතිරෙන කොවිඩ් අවදානම

Published:

නව කොවිඩ් ප්‍රභේදය සීඝ්‍රයෙන් ව්‍යාප්ත වන්නේදැයි සොයා බැලීම සදහා රට පුරා පී.සී.ආර් පරීක්ෂණ වැඩිකිරීමට පියවර ගන්නා බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ලේකම් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ ප්‍රකාශ කළේය.

සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යංශයේ ඊයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වෙමිනුයි ඔහු මේ බව කියා සිටියේ.
මේ අතරනැවතත් කොවිඩ්-19 රැල්ලක් අග්නිදිග ආසියාව පුරා පැතිර යමින් පවතින බව විදෙස් මාධ්‍ය පවසයි.

චීනය සහ සිංගප්පූරුව ඇතුළු රටවල මේ වන විට දහස් සංඛ්‍යාත කොවිඩ්-19 රෝගීන් වාර්තා වී ඇති අතර, තායිලන්තයේ පමණක් මෙ විට පුද්ගලයින් 46 දෙනෙකු මියගොස් ඇති බව සඳහන් වේ.

ජනවාරි මස සිට මැයි මස දක්වා තායිලන්තයේ COVID-19 රෝගීන් 187,031 ක් සහ COVID මරණ 46 ක් වාර්තා විය.

හොංකොං, සිංගප්පූරුව, චීනය සහ තායිලන්තය යන රටවල ජනාකීර්ණ ප්‍රදේශවල රෝගීන්ගේ වැඩිවීමක් දක්නට ලැබෙන අතර හොංකොං සහ සිංගප්පූරුව වැනි ප්‍රධාන නගරවල සෞඛ්‍ය බලධාරීන් විසින් විශේෂ පරීක්ෂා කිරීම් සිදුකර අතර, චීනයේ සහ තායිලන්තයේ නව බූස්ටර් එන්නත් ලබාගන්නා ලෙසට ජනතාවට දැනුම් දී ඇති බව සඳහන් වේ.

ආසියාවේ කොවිඩ්-19 රෝගීන්ගේ වැඩිවීමට හේතු වී ඇත්තේ ඔමික්‍රොන් හි උප ප්‍රභේදයක් වන JN.1 ප්‍රභේදය බව සඳහන් වන අතර, ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් ද  JN.1 ප්‍රභේදයට “උනන්දුවක් දක්වන ප්‍රභේදයක්” ලෙස නම් කර ඇති නමුත් තවමත් එය “කනස්සල්ලට පත්වන ප්‍රභේදයක්” නොවන බවද සඳහන් වේ.

සෞඛ්‍ය අංශ මේ සම්බන්ධයෙන් දැඩි අවදානයකින් සිටින නමුත් එය ඔමික්‍රොන් උප ප්‍රභේද මෙන් වඩාත් දරුණු තත්ත්වයක් අති කරන බවට මෙතෙක් නිශ්චිත සාක්ෂි නොමැති බව වාර්තා වේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Related articles

spot_img

Recent articles

381FansLike
28FollowersFollow
4,455FollowersFollow
5FollowersFollow
6,000SubscribersSubscribe
spot_img