27.8 C
Colombo
Monday, August 25, 2025

මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තුමේන්තුව දූෂිත ආයතන ලැයිස්තුවේ උඩම – අමරවීර…

Published:

මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තුමේන්තුව දූෂිත ආයතන ලැයිස්තුවේ උඩම – අමරවීර…

මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තුමේන්තුව විසින් නිතුක් කරන ස්මාර්ට් රියදුරු බලපත්‍රය හරහා ලබාගන්නා මුදල් රජයට ලබාගැනිමට ඉදිරියේ දී කටයුතු කරන බව අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසයි.

ජනතා විමුක්ති පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී නලින්ද ජයතිස්ස මහතා ඊයේ(06) පාර්ලිමේන්තුවට යොමුකළ ප්‍රශ්නයකට පිළිතුරු ලබාදෙමින් අමාත්‍යවරයා මේබව සඳහන් කළේය.

අමාත්‍යවරයා මෙහිදී කියා සිටියේ මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තුමේන්තුව විසින් නිතුක් කරන ස්මාර්ට් රියදුරු බලපත්‍රය හරහා ලබාගන්නා මුදල් රජය නොලැබෙන බවත් ඒ පිළිබඳ පරීක්ෂණයක් සිදුකරන බවත්ය.

මේ අතර මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තුමේන්තුව රටේ ඇති දූෂිතම ආයතන ලැයිස්තුවේ ඉහළම ඇති ආයතනයක්  බවත් එය වසර තුනක් යාමට පෙර ලංකාවේ අති හොඳම රාජ්‍ය ආයතනය බවට පත් කිරීමට බලාපොරත්තු වන බවත් අමාත්‍ය මහින්ද අමරවීර මහතා පැවසීය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Related articles

spot_img

Recent articles

381FansLike
28FollowersFollow
4,370FollowersFollow
5FollowersFollow
6,000SubscribersSubscribe
spot_img