31.7 C
Colombo
Sunday, July 6, 2025

මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව දින 2 ක් වැසේ

Published:

මැයි 06 වැනිදා පැවැත්වීමට නියමිත පළාත් පාලන ආයතන ඡන්ද විමසීමට අදාළව පහසුකම් සැලසීම සඳහා මෝටර් රථ ප්‍රවාහන දෙපාර්‌තමේන්තුවේ ප්‍රධාන කාර්යාලය එළැඹෙන 05 (සඳුදා) සහ 06 (අඟහරුවාදා) දින වසා තැබෙන බව මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

ඒ අනුව, පළාත් පාලන ආයතන ඡන්ද විමසීමට අදාළව කොළඹ 05, ඇල්විටිගල මාවත, මෝටර් රථ දෙපාර්‌තෙමින්තුවේ ප්‍රධාන කාර්යාලය (ඈ) නැගෙනහිර කොළඹ ඡන්ද කොට්ඨාස අංක 06 සහ 07ට අදාළ ඡන්ද මධ්‍යස්ථාන ලෙස ගැසට් මගින් ප්‍රකාශයට පත් කර තිබේ.

එම නිසා 1981 අංක 01 දරණ පාර්ලිමේන්තු මැතිවරණ පනතේ 5 වන වගන්තිය ප්‍රකාරව ඉහත ඡන්ද මධ්‍යස්ථානය බාධාවකින් තොරව පවත්වා ගෙන යාමට පහසුකම් සැලසීම සඳහා ඡන්ද වීමසීම පැවැත්වෙන 06 වැනි අඟහරුවාදා දින සහ ඡන්ද විමසීමේ කටයුතු සංවිධානය කිරීම සඳහා ඡන්ද වීමසීමට පෙර දින වන 05 වැනිදා නාරාහේන්පිට මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව සාමාන්‍ය රාජකාරි සඳහා වසා තැබෙන බවයි එම දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Related articles

spot_img

Recent articles

381FansLike
28FollowersFollow
4,207FollowersFollow
5FollowersFollow
6,000SubscribersSubscribe
spot_img