27.8 C
Colombo
Thursday, August 21, 2025

මෛත්‍රීගේ පෙත්සමේ තීන්දුව කල්යයි…

Published:

හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් ඉදිරිපත් කළ අභියාචනා පෙත්සමේ තීන්දුව මාර්තු මස 01 වනදා ප්‍රකාශයට පත් කරන බව බස්නාහිර පළාත් සිවිල් අභියාචනා මහාධිකරණය අද (22) නියෝග කළේය.

පාස්කු ප්‍රහාරයෙන් වින්දිතයින් බවට පත්වූ පුද්ගලයින් වන්දි අයකර දෙන ලෙස ඉල්ලා තමාට එරෙහිව කොළඹ දිසා අධිකරණය හමුවේ ගොනුකර තිබෙන නඩු සියල්ල ප්‍රතික්ෂේප කර තමන්ව එම නඩුවලින් නිදහස් කරන නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා මෛත්‍රීපාල සිරිසේන මහතා මෙම පෙත්සම ගොනුකර තිබුණි.

මෙම තීන්දුව අද ප්‍රකාශයට පත් කිරීමට නියමිතව තිබුණි.

එහෙත් එම නියෝගය ප්‍රකාශයට පත් කිරීම මාර්තු මස 01 වනදා දක්වා කල්තබන බව බස්නාහිර පළාත් සිවිල් අභියාචනා මහාධිකරණ විනිසුරුවරයා නියෝගය කළේය.

ප්‍රමාණවත් බුද්ධි තොරතුරු ලැබී තිබියදීත් පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය වළක්වා ගැනීමට කටයුතු නොකිරීම සම්බන්ධයෙන් හිටපු ජනපති මෛත්‍රීපාල සිරිසේන ඇතුළු පිරිසකට එරෙහිව වින්දිතයින් විසින් නඩු 108 ක් කොළඹ දිසා අධිකරණය හමුවේ ගොනුකර තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Related articles

spot_img

Recent articles

381FansLike
28FollowersFollow
4,370FollowersFollow
5FollowersFollow
6,000SubscribersSubscribe
spot_img