27.2 C
Colombo
Friday, August 22, 2025

මෙල්බර්න් විශ්ව විද්‍යාලයේ පළමු නිවුන් ආචාර්ය උපාධි නදීෂා හා තේජානිට…

Published:

ඕස්ට්‍රෙලියාවේ මෙල්බර්න් විශ්ව විද්‍යාලය සිය වසර 168ක ඉතිහාසයේ ප්‍රථම වතාවට නිවුන් සොයුරියන් දෙන්නෙකුට එකවර ආචාර්ය උපාධි ප්‍රදානය කර ඇති බව මෙල්බර්න් විශ්ව විද්‍යාලය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියේය. නදීෂා ගුණරත්න සහ තේජානි ගුණරත්න වන මේ දෙන්නා ශ්‍රී ලංකාවේ ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ ආහාර විද්‍යාව හා තාක්ෂණය පිළිබඳ උපාධි අධ්‍යයනයෙන් පසුව 2016 දී මෙල්බර්න් විශ්ව විද්‍යාලය සමඟ ආචාර්ය උපාධි ආරම්භ කර තිබේ.
ජාත්‍යන්තර නිවුන් දරුවන්ගේ දිනයට දිනකට පෙර දෙසැම්බර් 17 වැනි සෙනසුරාදා මෙල්බර්න්හිදී දෙදෙනාම ආචාර්ය උපාධිය ලබා ගැනීමද විශේෂිතය.
ඔවුන්ගේ ආචාර්ය උපාධියට අදාළ පර්යේෂණයද එක්ව සිදු කර තිබුණ අතර දෙදෙනාම අනුපූරක පර්යේෂණවලදී චොකලට් සඳහා පාරිභෝගිකයින්ගේ චිත්තවේගීය හා සංවේදී ප්‍රතිචාර මැනීමට සහ විශ්ලේෂණය කිරීමට නව ක්‍රම පර්යේෂණ කළහ, තේජානි චොකලට් රසයේ බලපෑම සහ නදීෂා ඇසුරුම්කරණයේ බලපෑම කෙරෙහි අවධානය යොමු කළාය.
ඔවුන්ගේ උපාධි ප්‍රදානෝත්සවය මුලින් සැලසුම් කර තිබුණේ 2020 මාර්තු මාසයේදී වන නමුත් වසංගතය හේතුවෙන් ප්‍රමාද විය.

තේජානි දැන් මෙල්බර්න් හි CSIRO හි ජ්‍යෙෂ්ඨ පර්යේෂණාත්මක විද්‍යාඥවරියක් ලෙස සේවය කරන අතර නදීෂා ඇමරිකාවේ ලොස් ඇන්ජලීස් හි ඇම්වේ හි පර්යේෂණ විද්‍යාඥවරියකි.
“නිවුන් දරුවන් ලෙස ඉපදීම නිසා අපට ඇත්තේ අන් අයට පැහැදිලි කිරීමට බැරිතරමේ අද්විතීය බැඳීමක්,” තේජානි පැවසුවාය.

“ප්‍රාථමික පාසල, උසස් පාසල සහ දැන් විශ්ව විද්‍යාලය යන සියලුම වැදගත් සන්ධිස්ථාන අපි දෙන්නම එකට සම්පූර්ණ කරා වගේම ආචාර්ය උපාධියත් ඒ විදිහට නිම කිරීම භාග්‍යයක්’ ඇය වැඩිදුරටත් කීවාය.
දෙන්නා දැනට රටවල් දෙකක ජීවත්වූවද සමීප බැදීමකින් නිතර වැඩකරන බවද කියා සිටියාය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Related articles

spot_img

Recent articles

381FansLike
28FollowersFollow
4,369FollowersFollow
5FollowersFollow
6,000SubscribersSubscribe
spot_img