27.8 C
Colombo
Monday, August 25, 2025

මෙරට වායු දූෂණ මට්ටම ක්‍රමයෙන් පහළට…

Published:

දිල්ලි නුවර අයහපත් වායු දූෂණය හේතුවෙන් ශ්‍රී ලංකාවට එල්ලවූ බලපෑම ක්‍රමයෙන් බැහැරව යනු ඇති බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනය පවසයි.

එම ආයතනය වැඩිදුරටත් පවසන්නේ ඊයේ දිනයේ මෙරටින් වාර්තා වූ වායු දූෂණ මට්ටමට වඩා මේ වනවිට වායු දූෂණ මට්ටම විශාල අඩුවීමක් දක්නට ලැබෙන බවය.

ඉන්දියාවේ වායු දූෂණය ඉහළයාමෙන් බෙංගාල බොක්කේ අඩුපීඩන තත්ත්වයත් සමග, ශ්‍රී ලංකාව ඊයේ දිනය වනවිට අතිශය අයහපත් මට්ටමේ වායු දූෂණයකට ලක්විය.

එහිදී විශේෂඥ වෛද්‍යවරු ජනතාවගෙන් ඉල්ලා සිටියේ විෂ වායු ආඝ්‍රාණයවීම නිසා ඇතැම් විට මරණ පවා සිදුවිය හැකි බැවින් හැකිතාක් දුරට නිවෙස් තුළ රැඳීසිටින ලෙසටය.

ඉන්දියාවේ නවදිල්ලි අගනුවර ආසන්නයේ වායු දූෂණය ඉහළ යාමට ප්‍රධානතම හේතුව වී ඇත්තේ, යාබද ප්‍රාන්තවල ගොවීන් අස්වනු නෙලීමෙන් අනතුරුව පිදුරු ආදී අවශේෂ පුළුස්සා දැමීමය.

එමෙන්ම ඉන්දියාවේ දීපාවලී ආගමික උත්සවය වෙනුවෙන් ගිනිකෙළි දැල්වීමෙන් පිටවූ කාබන් ඩයොක්සයිඩ්, නයිට්‍රජන් ඩයොක්සයිඩ් සහ සල්ෆර් ඩයොක්සයිඩ් වැනි අහිතකර වායුන් ද වායුගෝලයට එක්වීමෙන් මෙම තත්ත්වය මාරාන්තික මට්ටමකට උග්‍රවී තිබේ.

දිල්ලි අගනුවර වායු ගෝලයේ වායු ඝන මීටරයක් තුළ අහිතකර සියුම් අංශු 400ක් පමණ හඳුනාගෙන ඇති අතර, එය සාමාන්‍යයෙන් පැවතිය යුතු වන්නේ අහිතකර වායු අංශු 50ක අඩු මට්ටමකය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Related articles

spot_img

Recent articles

381FansLike
28FollowersFollow
4,398FollowersFollow
5FollowersFollow
6,000SubscribersSubscribe
spot_img