31.7 C
Colombo
Tuesday, August 26, 2025

මෙරට කොරෝනා රෝගීන් ගණන 185 දක්වා ඉහළට – 42ක් සුවය ලබා පිටව යයි…

Published:

මෙරට කොරෝනා රෝගීන් ගණන 185 දක්වා ඉහළට – 42ක් සුවය ලබා පිටව යයි…

ශී‍්‍ර ලංකාවෙන් හදුනාගත් කොවිඞ් නයින්ටීන් හෙවත් නව කොරෝනා වෛරසය ආසාදනය වූ සංඛ්‍යාව 185 ක් දක්වා අද ඉහළ ගියා.

ඒ, අලූතින් රෝගීන් 7 දෙනෙකු අද දිනයේ සොයාගැනීමත් සමගයි. අද දිනයේ සිදුවූ පුද්ගල මරණයත් සමග ශී‍්‍ර ලංකාවෙන් වාර්තා වන කොරෝනා මරණ සංඛ්‍යාව 6 ක්.

කෙසේවෙතත් කොරෝනා වැළදුනු 42 දෙනෙකු මේ වනවිට සුවය ලබා පිටව ගොස් තිබෙනවා. ඒ අනුව කොරෝනා වැළදුනු රෝගීන් 135 දෙනෙකු මේ වනවිටත් ප‍්‍රතිකාර ලබන බවයි සෞඛ්‍ය ප‍්‍රවර්ධන කාර්යාංශය සදහන් කළේ.

මේ අතර ගම්පහ දිස්ති‍්‍රක්කයේ කටාන සහ ජාඇල මහජන සෞඛ්‍ය කාර්යාල දෙකකට අයත් ප‍්‍රදේශවල පවුල් 20 කට ආසන්න පුද්ගලයින් 60 දෙනෙකු නිරෝධායනයට ලක්කර තිබෙනවා.

ඒ, කොරෝනා ආසාදනය වූ කුඩා දරුවෙකු සහ තරුණයෙකු සමීපව ඇසුරු කිරීම හේතුවෙන්. එමෙන්ම කොරෝනා ආසාදනය වූ තවත් දරුවෙකු හමුවූ කටාන, අක්කර 50 ප‍්‍රදේශය හුදෙකලා කිරීමටද තීරණය කර තිබෙනවා. එහි පදිංචි පවුල් 9 ක පුද්ගලයින් 26 දෙනෙකු ස්වයං නිරෝධායනයට ලක් කිරීමටයි තීරණය කර ඇත්තේ.

මේ අතර බණ්ඩාරගම අටළුගම ප‍්‍රදේශයෙන් සහ අලූත්ගම, දර්ගා නගරය යන ප‍්‍රදේශයෙන් කොරෝනා වෛරසය ආසාධිත පුද්ගලයෙකු හමුවීමෙන් පසුව එම ප‍්‍රදේශයන්හි ජනතාව ස්වයං නිරෝධායනයට ලක් කෙරුණා.

එම ප‍්‍රදේශවලින් පිටවීම තහනම් කර තිබියදීත් බොල්ගොඩ සහ බෙන්තර ගංගා හරහා එම ප‍්‍රදේශවල ජනතාව වෙනත් ගම්මාන වලට ගමන්කිරීම ඉකුත් දින කිහිපයේ සිදුවූ අතර එය වැළැක්වීම සදහා නාවික හමුදා මුර සංචාර ආරම්භ කර තිබෙනවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Related articles

spot_img

Recent articles

381FansLike
28FollowersFollow
4,429FollowersFollow
5FollowersFollow
6,000SubscribersSubscribe
spot_img