28.4 C
Colombo
Tuesday, August 26, 2025

මෙරට කොරෝනා ආසාදිතයින් ගණන 800 ඉක්මවයි…

Published:

මෙරට කොරෝනා ආසාදිතයින් ගණන 800 ඉක්මවයි…

අද(07) සවස 4.45 වන විට තවත් කොරෝනා ආසාදිතයින් 7 දෙනෙකු වාර්තා වු බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.

ඒ අනුව මෙරට සමස්ත කොරෝනා ආසාදිතයින් ගණන 804 ක් දක්වා ඉහළ ගොස් තිබේ.

අද දිනයේ කොරෝනා ආසාදිතයින් 17 දෙනෙක් සුවය ලබා පිටව ගිය අතර මෙරට සුවය ලැබු සමස්ත ආසාදිතයින් ගණන 232 ක් දක්වා ඉහළ ගියේය.

අයි.ඩී.එච්, ඉරණවිල සහ වැලිසර නාවික හමුදා රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි ආසාදිතයින් පිරිසක් මෙලෙස සුවය ලබා පිටව ගොස් ඇති බව වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කළේය.

හඳුනාගත් කොවිඩ් නයින්ටීන් වෛරස ආසාදිතයින් අතර මේ වන විට නාවික හමුදා සාමාජිකයින් හා අශ්‍රිතයින් 400ක් සිටින බව වසංගත රෝග විද්‍යා අංශය පවසයි.

කෙසේ වෙතත් මෙරට කොරෝනා ආසාදිත මරණ 9 ක් වාර්තා වී තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Related articles

spot_img

Recent articles

381FansLike
28FollowersFollow
4,429FollowersFollow
5FollowersFollow
6,000SubscribersSubscribe
spot_img