27.8 C
Colombo
Tuesday, August 26, 2025

මෙරට කොරෝනා ආසාදිතයින් ගණන 113 දක්වා ඉහළට…

Published:

මෙරට කොරෝනා ආසාදිතයින් ගණන 113 දක්වා ඉහළට…

තවත් කොරෝනා ආසාදිතයින් තිදෙනෙකු හඳුනා ගෙන ඇති අතර ඒ අනුව මෙරටින් වාර්තාවන කොරෝනා ආසාදිතයින් ගණන 113ක් දක්වා ඉහළ ගොස් බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.

මේ අතර කොරෝනා වෛරසය ආසාදනය වීම හේතුවෙන් ශ්‍රී ලංකාව තුළ පළමු මරණය අද පස්වරුවේ වාර්තා වුණි.

මාරවිල ප්‍රෙද්ශයේ පදිංචි 60 හැවිරිදි පුද්ගලයෙකු අංගොඩ ජාතික බෝවන රෝග විද්‍යාතනයේ ප්‍රතිකාර ලබමින් සිටියදී අද පස්වරුවේ මියගොස් තිබේ.

මිය ගිය පුද්ගලයා වකුගඩු බද්ධ කිරීමකට ලක්ව සිටි අතර ඔහු දියවැඩියාව සහ අධික රුධිර පීඩනයෙන් ද පෙළුණු පුද්ගලයෙකු බවෙ සෞඛ්‍ය අමාත්‍යංශය සඳහන් කළේය.

මේ වන විට මෙරටින් හඳුනාගැනුණු කොරෝනා ආසාදිතයන් ගණන 113 කි.

මෙරටදී කොරෝනා වැළඳුණු පළමු ආසාදිතයා ඉකුත් මාර්තු 11 වැනිදා හඳුනාගැනුණු අතර අද පස්වරු 4.30 වන විට නව කොරෝනා ආසාදිතයන් 113 දෙනකු හඳුනාගෙන තිබුණි.

මෙලෙස හඳුනාගැනුණු ආසාදිතයන් අතුරින් දෙදෙනකු පූර්ණ සුවය ලබා අද අංගොඩ ජාතික බෝවන රෝග විද්‍යායතනයෙන් සහ වැලිකන්ද මූලික රෝහලෙන් පිටව ගියේය.

ඒ අනුව මේ වන විට පූර්ණ සුවය ලබා රෝහල් වලින් පිටව ගොස් ඇති ගණන 09 කි.

තවත් 100 දෙනකු තවමත් රෝහල්ගතව ප්‍රතිකාර ලබයි.

ඊයේ වන විට රෝහල් 21 ක , සැක මත වෛද්‍ය අධීක්ෂණය යටතේ 238 දෙනකු සිටි නමුත් ඉන් 39 දෙනකු අද දින පිටව යාමත් සමඟ වෛද්‍ය අධීක්ෂණය යටතේ රැඳී සිටින ගණන 199 දක්වා අඩු වී තිබේ.

මේ වන විට රෝහල්ගතව සිටින ආසාදිතයන් 98 දෙනා අතුරින් රෝගීන් 87 දෙනෙකු අංගොඩ ජාතික බෝවන රෝග විද්‍යායතනයේත් , තවත් 09 දෙනෙකු වැලිකන්ද මූලික රෝහලේත් , එක් රෝගීයකු මුල්ලේරියාව මුලික රෝහලෙත් ප්‍රතිකාර ලබයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Related articles

spot_img

Recent articles

381FansLike
28FollowersFollow
4,416FollowersFollow
5FollowersFollow
6,000SubscribersSubscribe
spot_img