30 C
Colombo
Thursday, August 28, 2025

මෙරට ක්‍රිකට් පිරිහීමට හේතුව අර්ජුන හෙලිකරයි…

Published:

විනයක් නැතිකම ක්‍රිකට් ක්‍රීඩාවේ පිරිහීමට හේතු වී ඇතැයි ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ හිටපු නායක අර්ජුන රණතුංග ඊයේ ( 06) පැවසීය. මෙම විනය නැති වීම ක්‍රිකට් ක්‍රීඩකයන්ගේ පමණක් නොව ක්‍රිකට් පරිපාලනයේදී වරදක් බවත් පරිපාලනය නිවැරදි නොකර ක්‍රීඩකයන්ගේ විනය ඇති කළ නොහැකි බවත් ඔහු පැවසීය.

ඕස්ට්‍රේලියාවේදී ධනුෂ්ක ගුණතිලක ක්‍රීඩකයාට එල්ලවී ඇති චෝදනාව ක්‍රිකට් වලට ප්‍රශ්නයක් නොවුණත් එය රටට ප්‍රශ්නයක් බවත් ඔහු වෙනුවෙන් වෙනත් ක්‍රීඩකයකු ඕස්ට්‍රේලියාවට ගොස් තිබියදී ධනුෂ්ක ගුණතිලක මෙරටට නොඑවීම් සම්බන්ධයෙන් ක්‍රිකට් පරිපාලනය කරුණු පැහැදිලි කළ යුතු බවත් රණතුංග පැවසීය .

දුලිප් මැන්ඩිස් ක්‍රිකට් නායකත්වය දරන සමයේ සහ ඊට පසුවත් ක්‍රිකට් ක්‍රීඩකයන් අතර විනය පවත්වාගෙන යෑමට දැඩි තීන්දු තීරණ ගත් බවත් දැන් එවැනි තත්ත්වයක් දක්නට නොලැබෙන බවත් ඔහු පවසයි .

ක්‍රිකට් පරිපාලනය මුදලට යට වී ඇති බවත් එම තත්ත්වයෙන් මිදෙන තෙක් ක්‍රිකට් පරිපාලන හෝ ක්‍රීඩකයන් හෝ විනය ගරුකව කටයුතු කරනු ඇතැයි අපේක්ෂා කළ නොහැකි බවත් පැවසූ අර්ජුන රණතුංග මෙම තත්ත්වය නැති කිරීමට තමා අවස්ථා කිහිපයකදී උත්සහ කළ නමුත් එයට අවස්ථාව නොලැබුණු බවයි ඔහු පවසන්නේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Related articles

spot_img

Recent articles

381FansLike
28FollowersFollow
4,460FollowersFollow
5FollowersFollow
6,000SubscribersSubscribe
spot_img