28.4 C
Colombo
Sunday, July 6, 2025

මිය ගිය පාකිස්ථානුවන් වෙනුවෙන් පළිගන්නා බව පාකිස්ථාන අගමැති කියයි

Published:

ලාහෝර් නුවරට ඉහළ අහසේදී ඉන්දියාවට අයත් ඔත්තු බැලීමේ ඩ්‍රෝන යානයක් වෙඩි තබා විනාශ කළ බව පාකිස්ථාන මාධ්‍ය වාර්තා කළේ ය.

මෙම ඩ්‍රෝන යානයේ පුපුරණ ද්‍රව්‍ය ද අන්තර්ගතව තිබූ බව සදහන්.

ඉන්දීය ප්‍රහාරයෙන් මියගිය සංඛ්‍යාව 31ක් දක්වා ඉහළගොස් ඇති අතර ඉන්දියානු ප්‍රහාරයෙන් විනාශ වූ ගොඩනැගිලි කිහිපයක් සුන්බුන් බවට පත්ව ඇති ආකාරය ද විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.

මේ අතර පෙහෙල්ගාම් ප්‍රහාරයට ප්‍රතිප්‍රහාරයක් ලෙසින් ඉන්දියාව විසින් පාකිස්ථානයට සහ කාශ්මීරයේ පාකිස්ථාන පාලන ප්‍රදේශයන්ට එල්ල කළ මිසයිල ප්‍රහාරයෙන් දිවිපිදූ සෑම පාකිස්ථාන වැසියෙකුගේම ලේ බිඳුවකටම පළිගන්නා බව පාකිස්ථාන අග්‍රාමාත්‍ය ෂෙබාස් ෂරීෆ් ඊයේ රාත්‍රීයේ ජාතිය අමතමින් සඳහන් කළේය.

කෙසේවෙතත් ඉන්දීය ආරක්ෂක අමාත්‍යවරයා පවසන්නේ පාකිස්ථානයට එල්ල කළ ප්‍රහාර හමුවේ කිසිදු සිවිල් වැසියෙකුට බලපෑම් එල්ලවී නොමැති බවයි.

මේ අතර ඉන්දියානු පාලන ප්‍රදේශයේ පුද්ගලයින් 13 දෙනෙකු මියගොස් තවත් 43දෙනෙකු තුවාල ලබා ඇති බවද වාර්තා වේ.

මේ අතර ඉන්දියානු පාකිස්ථාන යුද ගැටුම සමනය කිරීම වෙනුවෙන් තමන් මැදිහත්වීමට සූදානම් බව අමෙරිකානු ජනපතිවරයා පවසා තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Related articles

spot_img

Recent articles

381FansLike
28FollowersFollow
4,202FollowersFollow
5FollowersFollow
6,000SubscribersSubscribe
spot_img