27.2 C
Colombo
Monday, July 7, 2025

මිය ගිය දෙවැනි කළු ජාතිකයාත් සමග අමෙරිකාවේ විරෝධතා යළිත් උණුසුම් වෙයි…

Published:

මිය ගිය දෙවැනි කළු ජාතිකයාත් සමග අමෙරිකාවේ විරෝධතා යළිත් උණුසුම් වෙයි…

ඇට්ලන්ටාහිදී පොලිස් නිලධාරියෙකු සිදුකළ වෙඩි තැබීමකින් තවත් කළු ජාතිකයෙකු මියයාමේ සිද්ධිය මුල් කර ගනිමින් විරෝධතා ආරම්භ වී තිබෙනවා. ඇතැම් පිරිස් නොසන්සුන් ලෙස හැසිරී ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ. වෙඩි තැබීම සිදුවූ ස්ථානයට ආසන්නයේ පිහිටි අවන්හලකට විරෝධතාකරුවන් ගිනි තැබීමක්ද සිදුකර තිබෙනවා.

කොරෝනා සමයේ ජනප‍්‍රිය සංකල්පයක් බවට පත් වූ ඩ‍්‍රයිව් තෲ (Drive-Through) අවන්හලක මෙම කළු ජාතික පුද්ගලයා සිය මෝටර් රථයේ නිදා සිට ඇති බවයි මූලික පරීක්‍ෂණවලදී අනාවරණ වී ඇත්තේ. පොලිසිය පවසන්නේ රුධිරයේ මධ්‍යසාර ප‍්‍රමාණය මැන බලන පරීක්ෂාවෙන් අසමත් වීමෙන් පසුව ඔහු අත්අඩංගුවට ගැනීමට යාමේදී ඊට විරුද්ධ වූ බවයි.

පසුව ඔහු නිලධාරියෙකුගේ ගිනි අවියක් රැගෙන පලා ගොස් තිබෙනවා. ඒ යන අතරතුර ඔහු සෙසු නිලධාරියා ඉලක්ක කර වෙඩි තැබීමක්ද සිදුකර ඇති බවයි මෙම සිද්ධියට අදාළව නිකුත් වී ඇති වීඩියෝ පටයක දැක්වෙන්නේ. අනතුරුව පොලිස් නිලධාරියෙකු එල්ල කරන වෙඩි ප‍්‍රහාරයකින් තුවාල ලබන ඔහු රෝහල්ගත කිරීමෙන් අනතුරුව ජීවිතක්‍ෂයට පත්ව තිබෙනවා. මෙම පුද්ගලයා 27 හැවිරිදි කළු ජාතිකයෙක්.

වෙඩි තැබූ පොලිස් නිලධාරියාගේ සේවය තාවකාලිකව අත්හිටුවීමටයි පියවර ගෙන ඇත්තේ. මෙම සිද්ධිය වාර්තාවී පැය 24 ක් යන්නටත් පෙර ඇට්ලන්ටා පොලිස් ප‍්‍රධානීවරිය සිය ධුරයෙන්ද ඉවත් වුණා.

මෙම සිද්ධිය වාර්තා වුණේ පොලිස් නිලධාරියෙකු අතින් කළු ජාතිකයෙකු වූ ජෝරජ් ෆ්ලොයිඞ් ඝාතනයට ලක්වීමට එරෙහිව තවදුරටත් ලොවපුරා විරෝධතා පවතිද්දීයි. ජෝරජ් ෆ්ලොයිඞ් ඝාතනයට සම්බන්ධ පොලිස් නිලධාරියා සේවය කළ පොලිස් ස්ථානයේ නිලධාරීන් හත් දෙනෙකුද සිය ධුරවලින් ඉල්ලා අස්වී ඇති බව විදෙස් මාධ්‍යයන්හි සදහන්.

අමෙරිකාවේ පමණක් නොව ලොවපුරා රටවල් රැසක තවදුරටත් වර්ණ භේදවාදයට එරෙහිව විරෝධතා පවතිනවා. ප‍්‍රංශයේ සහ බි‍්‍රතාන්‍යයේ පැවති එවැනි විරෝධතා උණුසුම් මුහුණුවරක්ද ගෙන ඇතැයි සදහන්.

පැරිස් නුවරදී විරෝධතාකරුවන් සහ ආරක්‍ෂක අංශ අතර ගැටුමක්ද හටගෙන ඇති අතර ඔවුන් විසුරුවා හැරීමට පොලීසියට කදුළු ගෑස් ප‍්‍රහාරයක් එල්ල කිරීමටද සිදුවුණා. ඊයේ රාති‍්‍රයේ පැරිස් නුවරට රැස්වූ 15,000 කට වැඩි පිරිසක් මෙලෙස විරෝධතාවේ නිරත වූ බවයි විදෙස් මාධ්‍යයන්හි දැක්වෙන්නේ.

ලන්ඩන් නුවර පැවති විරෝධතාද ප‍්‍රචණ්ඩකාරී ස්වරූපයක්ද ගෙන ඇති අතර ඊට සම්බන්ධ වු දහස් ගණනක් අතරින් සියයකට වැඩි පිරිසක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Related articles

spot_img

Recent articles

381FansLike
28FollowersFollow
4,213FollowersFollow
5FollowersFollow
6,000SubscribersSubscribe
spot_img