26.1 C
Colombo
Tuesday, January 20, 2026

මියගිය ගවයින් සහ එළුවන් වෙනුවෙන් වන්දි…

Published:

උතුරු සහ නැගෙනහිර පළාත්වල මියගිය ගවයින් සහ එළුවන් වෙනුවෙන් වන්දි ලබාදීම කෙරෙහි රජයේ අවධානය යොමුව තිබේ.
කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා පැවසුවේ, ඊට අදාළ කැබිනට් පත්‍රිකාව ලබන සතියේ අමාත්‍ය මණ්ඩලයට ඉදිරිපත් කරන බවයි.

අදාළ යෝජනාවට කැබිනට් අනුමැතිය හිමිවුවහොත්, මියගිය සත්ත්වයින් වෙනුවෙන් වන්දි ලබාදීමට පියවර ගන්නා බව ඔහු සඳහන් කළේ ය.

උතුරු සහ නැගෙනහිර පළාත්වල ගවයින් හා එළුවන් මියයාමට හේතුව අධික සීතල නිසා ඇති වූ කම්පන තත්ත්වය බව මේ වනවිට අනාවරණ වී ඇත.

සත්ත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුව පැවසුවේ, මේ වනවිට ගවයින් හා එළුවන් 1800 කට අධික සංඛ්‍යාවක් මියගොස් ඇති බවයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Related articles

spot_img

Recent articles

381FansLike
28FollowersFollow
6,010FollowersFollow
5FollowersFollow
6,000SubscribersSubscribe
spot_img