26.9 C
Colombo
Tuesday, January 20, 2026

මැන්ඩවුස් සුළි කුණාටුවෙන් උතුරේ වගා බිම් රැසක් විනාශයි…

Published:

මැන්ඩවුස් සුළි කුණාටුවේ බලපෑම හේතුවෙන් උතුරු පළාතේ වගා බිම් රැසක් විනාශ වි ඇති බව ගොවි ජනතාව පවසයි.

උතුරු පළාතේ ගොවි ජනතාව පැවසූවේ වවුනියාව,මුලතිව්,කිලිනොච්චිය හා යාපනය දිස්ත්‍රික්කයේ වගා බිම් රැසක් සුළි කුණාටුවේ බලපෑම මත විනාශ වි ඇති බවයි.

වවුනියාව දිස්ත්‍රික්කයේ ඕමන්ත,නෙඩුන්කේනි ප්‍රදේශයන්හි ගස්ලබු වගාවන්හි ගස්ලබු ගස් සුළං තත්වය හේතුවෙන් ඉදිරි වැටී ඇති බව ගොවි ජනතාව පැවසූහ.

යාපනය පේදුරුතුඩුව ප්‍රදේශයේ කෙසෙල් වගා බිම්වල කෙසෙල් ගස් කැඩී ගොස් ඇති බව යාපනය ගොවීන් සඳහන් කළහ.

උතුරු පළාතේ ගොවි ජනතාව වැඩිදුරටත් පැවසූවේ සුළි කුණාටුව හේතුවෙන් වගා විනාශ වි තමන් මහත් අපහසුතාවයට පත්ව සිටින බවයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Related articles

spot_img

Recent articles

381FansLike
28FollowersFollow
6,010FollowersFollow
5FollowersFollow
6,000SubscribersSubscribe
spot_img