30.6 C
Colombo
Monday, August 25, 2025

මැතිසබය හෙට විසුරුවා හැරේ-මහමැතිවරණය අප්‍රේල් 25 පැවැත්වීමේ සූදානමක්…

Published:

මැතිසබය හෙට විසුරුවා හැරේ-මහමැතිවරණය අප්‍රේල් 25 පැවැත්වීමේ සූදානමක්…

පාර්ලිමේන්තුව හෙට මධ්‍යම රාත්‍රි 12 ට විසුරුවා හැරීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා තීරණය කර ඇති බව රජයේ ඉහළ පෙළේ ආරංචි මාර්ග තහවුරු කරයි.

ඒ, 19 වැනි ව්‍යවස්ථා සංශෝධනයට අනූව පාර්ලිමේන්තුව රැස් වී වසර හතරහමාරක් ගත වූ පසු විසුරුවා හැරීමට ජනාධිපතිවරයාට බලය හිමිවීම හේතුවෙන්.

ඊට අදාළ ගැසට් නිවේදනය හෙට මධ්‍යම රාත්‍රී 12ට නිකුත් කිරීමට නියමිත බව රජයේ ආරංචි මාර්ග පවසයි.

2015 අගෝස්තු මස 17 වැනිදා පැවැති පාර්ලිමේන්තු මැතිවරණයෙන් තේරී පත්වූ මන්ත්‍රීවරුන් ඇතුළත්ව 2015 සැප්තැම්බර් පළමු වැනිදා ආරම්භ කළ 8 වැනි පාර්ලිමේන්තුවේ පස් අවුරුදු කාලය මෙම වසරේ අගෝස්තු මාසයෙන් අවසන් වීමට නියමිතව ඇත.

නමුත් 19 වැනි ආණ්ඩුක්‍රම ව්‍යස්ථා සංශෝධනය අනූව පාර්ලිමේන්තුව රැස් වී වසර හතර හමාරකට පසු විසුරුවා හැරීමට ජනාධිපතිවරයාට බලය හිමි වෙයි.

ඒ අනූව අද මධ්‍යම රාත්‍රි 12න් පසු ඕනෑම මොහොතක ජනාධිපතිවරයාට පාර්ලිමේන්තුව විසුරුවා හැරිය හැකියි.

එවන් පසුබිමක හෙට මධ්‍යම රාත්‍රියේ ජනාධිපතිවරයා විසින් 8 වැනි පාර්ලිමේන්තුව විසුරුවා හරින බව රජයේ විශ්වාස කටයුතු ආරංචි මාර්ග අද දෙරණට තහවුරු කළේය.

එමෙන්ම පාර්ලිමේන්තුව විසුරුවා හරින අවස්ථාවේ මහ මැතිවරණය පවත්වනු ලබන දිනයද ප්‍රකාශයට පත් කළ යුතු අතර, රජයේ ආරංචි මාර්ග පැවසුවේ, එළැඹෙන අප්‍රේල් 25 වැනිදා මහ මැතිවරණය පැවැත්වීමේ දිනය වනු ඇති බවයි.

මෙලෙස පාර්ලිමේන්තුව හෙට රාත්‍රියේදී විසුරුවා හැරීමට ජනාධිපතිවරයා තීරණය කර ඇති බැවින් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 64 දෙනකුට විශ්‍රාම වැටුප අහිමිවනු ඇති.

ඒ, පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකුට විශ්‍රාම වැටුප් හිමිකම් ලැබීමට වසර පහක නිල කාලයක් සපුරා තිබිය යුතු වීම හේතුවෙන්.

ඒ අනූව වැඩිම මන්ත්‍රී පිරිසකට විශ්‍රම වැටුප් හිමිකම අහිමි වන්නේ එක්සත් ජාතික පක්ෂයටයි.

එම මන්ත්‍රී සංඛ්‍යාව 36 ක්.

එමෙන්ම එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මන්ත්‍රීවරු 21 දෙනෙකුට, දෙමළ ජාතික සන්ධානයේ මන්ත්‍රීවරු 6 දෙනෙකුට හා ජනතා විමුක්ති පෙරමුණේ එක් මන්ත්‍රීවරයෙකුටද විශ්‍රාම වැටුප් හිමිකම අහිමි වෙයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Related articles

spot_img

Recent articles

381FansLike
28FollowersFollow
4,380FollowersFollow
5FollowersFollow
6,000SubscribersSubscribe
spot_img