31.7 C
Colombo
Monday, July 7, 2025

මැතිවරණ වියදම් පනත උපරිමයෙන් ක්‍රියාත්මක කිරීමට කොමිසම සැරසෙයි…

Published:

මැතිවරණ වියදම් පනත උපරිමයෙන් ක්‍රියාත්මක කිරීමට කොමිසම සැරසෙයි…

ඉදිරි ජනාධිපතිවරණයේදී ඡන්ද හිමි නාමලේකනයේ ලියාපදිංචි ඡන්ද හිමියන්ට දිවයිනේ ඕනැම ඡන්දපොළකින් ඡන්දය ප්‍රකාශ කිරීමට පහසුකම් සලසා ඇතැයි පලවන වාර්තා අසත්‍ය බව මැතිවරණ කොමිෂන් සභාව පවසනවා.

මැතිවරණ නීති රීති අනුව ඡන්ද විමසීම්වලදී ඡන්දය ප්‍රකාශ කර හැකි වන්නේ තමා විසින් ඡන්ද හිමියෙකු වශයෙන් ඡන්දහිමි නාමලේකනයේ ලියාපදිංචි වී ඇති ඡන්ද කොට්ඨාසයට අයත් ඡන්ද මධ්‍යස්ථානය වෙත පැමිණීමෙන්.

එමෙන්ම තැපැල් ඡන්ද හිමිකම ඇති අයෙකුට තමාගේ සහතික කිරීමේ නිලධාරියාගේ කාර්යාලයේදී ඔහු ඉදිරියේ ඡන්දය ප්‍රකාශ කළ හැකි බවයි මැතිවරණ කොමිෂන් සභාව පැවසුවේ.

ඡන්ද දායකයන්ට තැපෑල හරහා ලැබෙන නිල ඡන්ද දැන්වීම්පත්‍රයේ සඳහන් ඡන්දපොළට පරිබාහිර ඡන්දපොළකදී ඡන්දය ප්‍රකාශ කිරීමට කිසිවෙකුටත් අවස්ථාව හිමි නොවන බව ද එම කොමිසම පැවසුවා.

මේ අතර මාධ්‍ය ආයතන ප්‍රධානීන් මැතිවරණ කොමිසම වෙත අද පෙරවරුවේ කැඳවා තිබුණා.

ඒ ඉදිරි ජනාධිපතිවරණයේදී මාධ්‍ය ආයතන කටයුතු කළ යුතු ආකාරය පිළිබඳ දැනුවත් කිරීම සඳහායි.

එහිදී මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති ආර්.එම්.ඒ.එල්. රත්නායක පැවසුවේ මෙවර ජනාධිපතිවරණයේදී මැතිවරණ වියදම් පනත උපරිමයෙන් ක්‍රියාත්මක කිරීමට අපේක්ෂා කරන බවයි.

එමෙන්ම මාධ්‍ය ආයතන සඳහා මාධ්‍ය උපමාන ප්‍රකාශයට පත් කළ බවද මෙහිදී ප්‍රකාශ කෙරුණා.

ජනාධිපතිවරණ සමයේ පොලිස්පති වෙනුවෙන් තීරණ ගැනීමේ බලතල ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් මහජන ආරක්ෂක අමාත්‍යංශයේ ලේකම් වියානි ගුණතිලක වෙත පවරා තිබෙනවා.

ඒ පිළිබඳව ජනාධිපති ලේකම්වරයා විසින් සිය කොමිෂන් සභාව දැනුවත් කළ බවයි මැතිවරණ කොමිෂන් සභාව පැවසුවේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Related articles

spot_img

Recent articles

381FansLike
28FollowersFollow
4,214FollowersFollow
5FollowersFollow
6,000SubscribersSubscribe
spot_img