29.5 C
Colombo
Sunday, July 6, 2025

මැතිවරණ ප්‍රචාරක කටයුතු 3 වැනිදා මධ්‍යම රාත්‍රියෙන් අවසන්

Published:

පළාත් පාලන මැතිවරණයට අදාළව සිදුකෙරෙන සියලු ප්‍රචාරක කටයුතු එළැඹෙන මැයි මස 03 වැනි දින මධ්‍යම රාත්‍රියෙන් පසු අවසන් කෙරෙන බව මැතිවරණ කොමිසම පවසයි.

මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක මහතා පැවසුවේ ඒ අනුව මැයි මස 03 වැනි දිනෙන් පසුව මැතිවරණ දිනය දක්වා වූ කාලය මැතිවරණ නිහඬ කාලය බවට ප්‍රකාශයට පත් කරන බවය.

නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා ගෙයින් ගෙට බෙදා හැරීමේ කටයුතු අද දිනය දක්වා ක්‍රියාත්මක කර ඇති බව පැවසූ මැතිවරණ කොමසාරිස්වරයා පැවසුවේ අදින් පසු නිල ඡන්ද පත්‍රිකා ලැබී නොමැති යම් අයෙකු වේ නම් මේ මස 30 වැනිදායින් පසුව තමන්ගේ ප්‍රදේශය තුළ පිහිටි උප තැපැල් කාර්යාලය වෙත ගොස් එම ඡන්ද දැන්වීම් පත්‍රිකා ලබා ගැනීමේ හැකියාව ඇති බවය.

මේ අතර තැපැල් දෙපාර්තමේන්තුවට බෙදීම සඳහා ලබා දුන් නිල ඡන්ද දැන්වීම් පත්‍රිකාවලින් 94%කට වැඩි ප්‍රමාණයක් මේ වන විට බෙදා හැර ඇති බව තැපැල් දෙපාර්තමේන්තුව පවසයි.

තවද මෙවර පළාත් පාලන මැතිවරණයේ ඡන්ද විමසීමේදී උචිත ලකුණ සළකුණු කිරීම සඳහා සුළැඟිල්ල යොදා ගැනීමට මැතිවරණ කොමිෂන් සභාව තීරණය කර ඇති බවද මැතිවරණ කොමසාරිස්වරයා පැවසීය.

 

 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Related articles

spot_img

Recent articles

381FansLike
28FollowersFollow
4,211FollowersFollow
5FollowersFollow
6,000SubscribersSubscribe
spot_img