28.4 C
Colombo
Sunday, July 6, 2025

මාවුස්සාකැලේට කෘතීම වැසි වස්සවයි : තාක්ෂණික සහය තායිලන්තයෙන්…….

Published:

මවුස්සාකැලේ ජල පෝෂක ප්‍රදේශයේ කෘතිම වැසි ඇති කිරීමේ නියමු ව්‍යපෘතිය ලංකා විදුලි බල මණ්ඩලය මගින් අද (22) ක්‍රියාවට නංවනු ලැබුවා. ඒ ශ්‍රී ලංකා ගුවන් හමුදාවේද සහය ඇතිවයි.

ශ්‍රි ලංකා ගුවන් හමුදාවේ වයි 12 ගුවන් යානයක් මවුස්සාකැලේ ජලාශයට අඩි 8000 ඉහළින් වූ වලාකුළුවලට ඉහළින් කෘතිම වැසි ඇති කිරීම සඳහා ගුවන් යානයෙන් රාසායනික ද්‍රව්‍යයක් ඉසිනු ලැබු බව සදහන් වේ.

ගුවන් හමුදාවේ උසස් නිලධාරියෙකු පැවසූයේ කටුනායක ගුවන් තොටුපොලේ සිට අද උදෑසන ගුවන් ගත වු වයි12 ගුවන් යානයෙන් මවසුසාකැලේ ජලාශයට ඉහළින් අඩි 8000 ඉහළින් වු වලාකුළු මතින් පියාසර කර විනාඩි 45  කාලයක් කෘතිම වැසි ඇති කිරීම සඳහා රාසායනික ද්‍රව්‍ය මුදා හැරි බවයි.

ලංකා විදුලි බල මණ්ඩලයේ ඉල්ලිමක් මත තායිලන්තයේ සිය මෙරටට පැමිණි විශේෂ ඉංජිනේරුවන් පිරිසක් කෘතිම වැසි ඇති කිරීමේ ව්‍යපෘතිය ක්‍රියාත්මක කරනු ලැබුවා. මිට පෙර 1980 වසරේද කාසල්රි සහ මවුස්සාකැලේ ජල පෝෂක ප්‍රදේශවල කෘතිම වැසි ඇති කිරීමේ ව්‍යපෘතියක් සාර්ථකව සිදු කර ඇති බවයි ලංකා විදුලි බල මණ්ඩලයේ නිලධාරියෙක් සඳහන් කළේ.

ශ්‍රි පාද කදුවැටියට ඉහලින් මවුස්සාකැලේ ජල පෝෂක ප්‍රදේශයට ඉහළින් වූ පැහැපත්  වලාකුළු ගුවන් යානය මගින් රසායනික ද්‍රව්‍යය ඉසීමෙන් අනතුරුව කළු පැහැයක් ගන්නා අයුරු අප වාර්තාකරුගේ කැමරාවේ මෙසේ සටහන්ව තිබුනා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Related articles

spot_img

Recent articles

381FansLike
28FollowersFollow
4,202FollowersFollow
5FollowersFollow
6,000SubscribersSubscribe
spot_img