27.8 C
Colombo
Tuesday, September 9, 2025

මාරක රිය අනතුරක්…

Published:

කොට්ටාව සිට කෙරවලපිටිය දක්වා වූ අධිවේගී මාර්ගයේ සිදු වූ මාරක රිය අනතුරකින් කාන්තාවක් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. එම අධිවේගී මාර්ගයේ 3යි දශම 9ත් 4යි දශම 1ත් අතර කිලෝමීටර් කණු අතරදී මෙම අනතුර සිදුව ඇති බවයි පොලීසිය පැවසුවේ.

ගාල්ල දෙස සිට අතුරුගිරිය දෙසට ධාවනය වූ වෑන් රථයක් ඉදිරියෙන් ධාවනය වූ ජීප් රථයක ගැටී මෙම අනතුර සිදුව තිබෙනවා.

සිද්ධියෙන් ජීවිතක්ෂයට පත්ව ඇත්තේ වෑන් රථයේ ගමන් කළ කාන්තාවක්. අනතුරෙන් තුවාල ලැබූ තවත් කාන්තාවන් හතරදෙනෙකු ඇතුලු පුද්ගලයන් හයදෙනෙකු හෝමාගම මූලික රෝහලට ඇතුළත් කර තිබෙනවා. ජීවිතක්ෂයට පත්ව ඇත්තේ මාලඹේ ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 57ක් වූ කාන්තාවක්.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Related articles

spot_img

Recent articles

381FansLike
28FollowersFollow
4,908FollowersFollow
5FollowersFollow
6,000SubscribersSubscribe
spot_img