27.2 C
Colombo
Tuesday, August 26, 2025

මාතර-හම්බන්තොට දක්ෂිණ අධිවේගය අද මධ්‍යම රාත්‍රියේ සිට විවෘතයි…

Published:

මාතර-හම්බන්තොට දක්ෂිණ අධිවේගය අද මධ්‍යම රාත්‍රියේ සිට විවෘතයි…

දක්ෂිණ අධිවේගී මාර්ගයේ මාතර-හම්බන්තොට අධිවේගී මාර්ග දිගුවේ මාතර සිට බරවකුඹුක කොටස අද(24) මධ්‍යම රාත්‍රියේ සිට ගමනාගමනය සඳහා විවෘත කිරීමට නියමිතයි.

ඒ අනුව කටුනායක සිට මත්තල දක්වා දක්ෂිණ අධිවේගී මාර්ගය සම්පූර්ණයෙන්ම විවෘත කෙරෙන බව මාර්ග සංවර්ධන අධිකාරිය සඳහන් කළේය.

ඒ අනුව දක්ෂිණ අධිවේගී මාර්ගයේ හම්බන්තොට සිට කොළඹ දක්වා මගී ප්‍රවාහන කටයුතු හෙට(25) සිට ආරම්භ වීමට නියමිතයි.

හෙට උදෑසන 8.30ට පළමු බස් රථය හම්බන්තොට සිට කොළඹ බලා ධාවනය වන බව මගී ප්‍රවාහන කළමනාකරණ අමාත්‍යංශය සඳහන් කළේය.

මගී ප්‍රවාහන කළමනාකරණ අමාත්‍ය මහින්ද අමරවීර මහතාගේ ප්‍රධානත්වයෙන් මෙහි සමාරම්භක උත්සවය හම්බන්තොටදී පැවැත්වෙයි.

මේ අතර හම්බන්තොට සිට කොළඹ කොටුව දක්වා ප්‍රවේශ පත්‍රයක මිල රුපියල් 880ක් වන අතර, තංගල්ල සිට කොළඹ කොටුව දක්වා ප්‍රවේශ පත්‍රයක මිල රුපියල් 680ක් වෙයි.

හම්බන්තොට සිට මාකුඹුර දක්වා ප්‍රවේශ පත්‍රයක මිල රුපියල් 810ක් වන අතර තංගල්ල සිට මාකුඹර දක්වා ප්‍රවේශ පත්‍ර ගාස්තුව රුපියල් 610ක් බව මගී ප්‍රවාහන කළමනාකරණ අමාත්‍යංශය සඳහන් කළේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Related articles

spot_img

Recent articles

381FansLike
28FollowersFollow
4,413FollowersFollow
5FollowersFollow
6,000SubscribersSubscribe
spot_img