25 C
Colombo
Thursday, August 28, 2025

මාතරට තහනම් වූ ආහාර වර්ග…

Published:

ඇල්ෆටොක්සීන් නියමිත ප්‍රමාණයට වඩා අඩංගු වීම හේතුවෙන් සුපෝෂ,ලක්පෝෂ හා නැණපෝෂ යන අතිරේක ධාන්‍ය ආහාරමය නිෂ්පාදන මාතර අධිකරණ බල සීමාව තුල විකිනීම හා බෙදා හැරීම තහනම් කරමින් මාතර අතිරේක මහේස්ත්‍රාත් සමන් ඩී.කේ.පරණ ලියනගේ මහතා පෙරේදා (09)තහනම් නියෝගයක් නිකුත් කළා

සුපෝෂ නිෂ්පාදනය කරන පෞද්ගලික සමාගම්වලට එරෙහිව එම තහනම් නියෝගය නිකුත් කෙරුණ අතර අපරාධ නඩු විධිවිධාන සංග්‍රහයේ 98(1)ආ වගන්තිය හා අපරාධ නඩු විධාන සංග්‍රහයේ 104 වගන්තිය ප්‍රකාරව අදාල නිෂ්පාදනය මාතර අධිකරණ බල සීමාව තුල විකිනීම වහාම ක්‍රියාත්මක වන පරිදි තහනම් කිරීමට ද දැනට වෙලදපොලේ පවතින එම නිෂ්පාදනවල තොග වහාම ඉවත් කිරීමට ද නියෝග කළේය.

තවද එම නිෂ්පාදන වෙළදසල්වලට නිකුත් කිරීම තහනම් කරමින් ඉන්ජන්ෂන් ආඥාවක් ද නිකුත් කරන ලදි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Related articles

spot_img

Recent articles

381FansLike
28FollowersFollow
4,453FollowersFollow
5FollowersFollow
6,000SubscribersSubscribe
spot_img