25 C
Colombo
Thursday, August 28, 2025

මාකඳුරේ මධුෂ් මරුට…

Published:

මාකඳුරේ මධුෂ් මරුට…

ප්‍රබල සංවිධානාත්මක අපරාධකරුවෙකු වන මාකඳුරේ මධුෂ් නැමැත්තා කොළඹ මාළිගාවත්ත ප්‍රදේශයේදී ඇතිවූ වෙඩි හුවමාරුවකදී ජිවිතක්ෂයට පත්ව ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ ප්‍රකාශ කර සිටිනවා.

මාළිගාවත්ත මහල් නිවාස සංකීර්ණයේ පොලිසිය විසින් සිදුකරමින් තිබු මෙහෙයුමක් අතර වාරයේදී තවත් අපරාධකරුවන් පිරිසක් සමග වෙඩි හුවමාරුවක් ඇතිව තිබෙන අතර එහිදී ඊට මැදිවූ මාකඳුරේ මධුෂ් ජිවිතක්ෂයට පත්ව තිබෙනවා.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාරයේ සිටි මාකඳුරේ මධුෂ් මිට දින කිහිපයකට පෙර කොළඹ අපරාධ කොට්ඨාශයට භාර කෙරුණු අතර එහිදී ඔහුගෙන් සිදුකළ ප්‍රශ්න කිරීම් වලදී කොටිකාවත්ත ප්‍රදේශයේ ගරාජයක සඟවා තිබු හෙරොයින් කිලෝග්‍රෑම් 10ක් ද සොයා ගනු ලැබුවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Related articles

spot_img

Recent articles

381FansLike
28FollowersFollow
4,453FollowersFollow
5FollowersFollow
6,000SubscribersSubscribe
spot_img