31.7 C
Colombo
Monday, July 7, 2025

මාංචුවලින් අපේ අරගලය නතර කරන්නේ නෑ – පාඨලී…

Published:

මාංචුවලින් අපේ අරගලය නතර කරන්නේ නෑ – පාඨලී…

අධිකරණයේ ස්වාධීනත්වය ඇතැමුන් විනාශ කිරීමට උත්සහ කරත් එය ආරක්ෂා කිරීමට අධිකරණය කටයුතු කිරීම ගැන තමා ස්තූතිවන්ත වෙන බව හිටපු අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා පවසයි.

සැකපිට රක්ෂිත බන්ධනාගාරගත කර සිටි ඒ මහතා අධිකරණය විසින් අද(24) දිනයේ දී ඇප මත මුදා හැරීමෙන් අනතුරුව මාධ්‍යයට අදහස් දක්වමින් මේ බව කියා සිටියේය.

තමාව දේශපාලන කුමන්ත්‍රණයක් මඟින් අත්අඩංගුවට ගත් මොහොතේ සිට තමාව බැලීමට පැමිණි ස්වාමීන් වහන්සේලා මෙන්ම එක්සත් ජාතික පක්ෂ නායකයා හා සජිත් ප්‍රේමදාස මහතාට ද මෙම අවස්ථාවේ ස්තූතිය පිරිනමන බව චම්පික රණවක මහතා සඳහන් කළේය.

එමෙන්ම ප්‍රජාතන්ත්‍රවාදය හා නිදහස පිළිබඳ අරගලය ඉදිරියට ගෙන යන බවත් මාංචුවලින් හෝ සිරකඳවුරුවලින් අරගලය නැවැත් විය නොහැකි බවත් ඒ මහතා වැඩිදුරටත් පැවසීය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Related articles

spot_img

Recent articles

381FansLike
28FollowersFollow
4,214FollowersFollow
5FollowersFollow
6,000SubscribersSubscribe
spot_img