28.4 C
Colombo
Sunday, July 6, 2025

“මළ ඇලීම නැවැත්වීමට” වැසිකිළි සඳහා ආලේපනයක්

Published:

“මළ ඇලීම නැවැත්වීමට” වැසිකිළි සඳහා ආලේපනයක්

ලොව පුරා වැසිකිළිවල භාවිත කරන ජලය ප්‍රමාණය අප්‍රිකාව තුළ දිනකට පරිහරණය කරන ජලය ප්‍රමාණය මෙන් සය ගුණයක්”

ඇමරිකානු පර්යේෂකයින් පිරිසක් නිර්මාණය කරන ලද වැසිකිළිවලට ආලේප කළ හැකි දැඩි ලිස්සන සුළු ආලේපනය හේතුවෙන් ලොව පුරා ජලය විශාල ප්‍රමාණයක් ඉතිරි කර ගත හැකි වනු ඇත.

මෙම ආලේපනය නිසා මළ ඉවත් කිරීමට භාවිත කරන ජලය ප්‍රමාණයෙන් 90%ක් අඩු වන බව පෙන් ප්‍රාන්ත විශ්වවිද්‍යාලයේ මාහාචාර්යවරු පවසති.

මෙම ආලේපනය නිසා වැසිකිළිය හොඳින් පිරිසිදු වීමෙන් එහි බැක්ටීරියා වර්ධනය වැළකෙන අතර, දුර්ගන්ධය අවම කරන බව ඔවුහු පවසති.

‘ටෙෆ්ලෝන්වලට’ වඩා ලිස්සනසුලු මෙම නව ද්‍රව්‍යය මුත්‍රාවල බලපෑමෙන් වෙනස් විය හැකි අතර, වැසිකිළි පෝච්චිය පනස් වතාවක් ජලයෙන් සේදූ පසු නැවත ආලේප කළ යුතුය.

මෙම සොයා ගැනීම නිසා ජල නාස්තිය අවම වනු ඇති බව පරීක්ෂකයෝ පවසති. සෑම දිනක ම ජලය ලීටර බිලියන 141ක් මළ සේදීම සඳහා භාවිත කෙරේ.

ලොව පුරා වැසිකිළිවල භාවිත කරන ජලය ප්‍රමාණය අප්‍රිකාව තුළ දිනකට පරිහරණය කරන ජලය ප්‍රමාණය මෙන් සය ගුණයක් බව අදාළ පර්යේෂකයින් ‘නේචර් සස්ටේනබිලිටි’ (Nature Sustainability) සඟරාවේ සඳහන් කර තිබේ.

“අපේ කණ්ඩායම විසින් මේ දියරය නිර්මාණය කර තිබෙන්නේ ඉතා ශක්තිමත්, ස්වභාවික දේ යොදාගෙන. එයින් අපද්‍රව්‍ය මෙන් ම බැක්ටීරියා ද රැඳෙන්නේ නැහැ. එය වැසිකිළිය ඉබේ ම පිරිසිදු වන ක්‍රමයක්” යැයි තාක්ෂණ ඉංජිනේරු මහාචාර්ය ටක්-සිං වොං පෙන් ප්‍රාන්ත පුවත්වලට පවසා තිබිණි.

“මළ වැසිකිළියේ ඇලී තිබීම එය භාවිත කරන්නන්ට අප්‍රසන්න දෙයක් පමණක් නොවේ, ඒ මඟින් බරපතළ සෞඛ්‍ය ගැටලු ඇති වෙන්න පුළුවන්. බලපෑම් කළ හැකි තාක්ෂණයක් වෙළෙඳපොළට ගෙන ඒම තුළින් ප්‍රයෝජන ලබා ගැනීම අපේ අරමුණයි,” ඔහු තවදුරටත් පැවසීය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Related articles

spot_img

Recent articles

381FansLike
28FollowersFollow
4,202FollowersFollow
5FollowersFollow
6,000SubscribersSubscribe
spot_img