28.4 C
Colombo
Monday, July 7, 2025

මහ මැතිවරණයේ ප්‍රතිඵලවලට විරෝධය පලකරමින් ලන්ඩනයේ විරෝධතා..

Published:

පසුගියදා පැවති පාර්ලිමේන්තු මැතිවරණයෙන් බහුතර ආසන 80ක් දිනා ගැනීමට බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය බොරිස් ජොන්සන්ට හැකි වුණි.

ඒ අනුව ඔහු ඉදිරියටත් එම ධුරයේ කටයුතු කරනු ඇති.

කෙසේ වෙතත් මැතිවරණ ප්‍රතිඵලයට ඇතැමුන් සිය විරෝධය පළ කර ඇත.

බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තු මැතිවරණයේ ප්‍රතිඵලයට විරෝධය පළකරමින් ජනතාව වීථි බැස ඇත.

මැතිවරණ ප්‍රතිඵලයට විරෝධය පළකරමින් මධ්‍යම ලන්ඩනයේ පැවති විරෝධතා පාගමනකට ජනතාව එක්ව සිටියේය.

විරෝධතාකරුවන් පොලිස් බාධක නොතකා ඉදිරියට යාමට උත්සහ කර තිබුණි.

එහිදී ආරක්ෂක අංශ සහ විරෝධතාකරුවන් ගැටුම්කාරී තත්ත්වයක් හටගෙන ඇත.

අගමැති බොරිස් ජොන්සන් ගේ කන්සර්වේටිව් පක්ෂයේ ප්‍රතිපත්ති දැඩිව විවේචනය කළ විරෝධතාකරුවන් මෙහිදී කියා සිටියේ සංක්‍රමණිකයන් සාදරයෙන් පිළිගන්නා බවයි.

ඩවුනින් ස්ට්‍රීට් හි පිහිටි අගමැතිවරයාගේ නිල නිවස අසළ ප්‍රදේශයෙන් ද විරෝධතාකරුවන් ගමන් කළ අතර විරෝධතාව හේතුවෙන් ගමනාගමන කටයුතුවලට දැඩි බාධා එල්ල වූ බවත් සඳහන්.

විරෝධතා හමුවේ දැඩි ආරක්ෂක රැකවල් යෙදීමට පොලිසිය පියවර ගත්තේය.

මෙවර බ්‍රිතාන්‍යය පාර්ලිමේන්තු  මැතිවරණයෙන් අගමැති බොරිස් ජොන්සන්ගේ කන්සර්වේටිව් පක්ෂයට විශිෂ්ට ජයක් හිමි වී ඇත.

අගමැතිවරයා පවසන්නේ බ්‍රෙක්සිට් ක්‍රියාත්මක කර ලබන මාසයේ එක්සත් රාජධානිය යුරෝපා සංගමයෙන් ඉවත් කර ගැනීමට තමන්ට මැතිවරණ ප්‍රතිඵලය මගින් වරමක් ලබා දී ඇති බවයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Related articles

spot_img

Recent articles

381FansLike
28FollowersFollow
4,213FollowersFollow
5FollowersFollow
6,000SubscribersSubscribe
spot_img