25.6 C
Colombo
Thursday, August 28, 2025

මහ බැංකුවේ අලුත්ම අපේක්ෂාව…

Published:

ලබන වසරේ අග භාගයේ සිට මෙරට ආර්ථිකය, යථා තත්ත්වයට පත්වීමේ මාවතකට අවතීර්ණ වනු ඇතැයි අපේක්ෂා කරන බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසයි.

මෑත කාලීන ආර්ථික ප්‍රවණතා, 2022 සුවිශේෂී සිදුවීම් සහ 2023 අපේක්ෂා යනුවෙන් ශ්‍රී ලංකා මහ බැංකුව විසින් නිකුත් කළ වාර්තාවෙන් මෙම කරුණු අනාවරණය කර තිබේ.

මහ බැංකුව පෙන්වාදෙන්නේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විස්තීරණ ණය පහසුකම් වැඩසටහන සහ ණය ප්‍රතිව්‍යූහගත කිරීමේ සාකච්ඡාවලට අදාළව මේ දක්වා ලබා ඇති ප්‍රගතිය මෙන්ම දැනට ක්‍රියාත්මක කර ඇති සහ ඉදිරියේ දී ක්‍රියාත්මක කිරීමට නියමිත ප්‍රතිසංස්කරණ සලකා බැලීමේ දී එම තත්ත්වය අපේක්ෂා කරන බවය.

කෙසේවෙතත් කාලෝචිත ලෙස, ආර්ථිකයේ සියලු අංශ ආවරණය කෙරෙන පරිදි කාර්යක්ෂමව ප්‍රතිපත්ති ක්‍රියාත්මක කිරීම සඳහා ප්‍රතිපත්ති සම්පාදකයින් තුළ පවතින අප්‍රතිහත කැපවීම මත මෙම වැඩසටහනෙහි සාර්ථකත්වය පදනම් වන අතර ඒ සඳහා දරන ප්‍රයත්න, දේශපාලන සහ මැතිවරණ ක්‍රියාවලීන්ට අදාළ වෙනස්කම්වල බලපෑම්වලින් තොරව සිදුවීම සහතික කළ යුතු බව මහ බැංකුව පවසයි.

මහ බැංකුව නිකුත් කළ වාර්තාවේ වැඩිදුරටත් දැක්වෙන්නේ ඉදිරි තීරණාත්මක කාලපරිච්ඡේදය තුළ දී මෙලෙස ජාතික ප්‍රතිපත්තීන් නොවෙනස්ව පවත්වාගැනීම, බාහිර කම්පනවලට ඔරොත්තු දීම සඳහා ආර්ථිකයට ඇති හැකියාව ශක්තිමත් කිරීමට සහ එමගින් මැදි කාලීනව ආර්ථිකයේ අඛණ්ඩ ප්‍රගතියක් අත්කරගැනීමට අත්‍යවශ්‍ය වන බවය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Related articles

spot_img

Recent articles

381FansLike
28FollowersFollow
4,455FollowersFollow
5FollowersFollow
6,000SubscribersSubscribe
spot_img