30.6 C
Colombo
Monday, July 7, 2025

මහින්ද සහ ගෝඨාභයට එරෙහිව කැනඩාව තවත් රටවල සහාය ඉල්ලයි….

Published:

ටපු ජනාධිපතිවරුන් වන මහින්ද රාජපක්ෂ, ගෝඨාභය රාජපක්ෂ සහ තවත් හමුදා නිලධාරීන් දෙදෙනෙකුට තවදුරටත් සම්බාධක පැනවීම සඳහා G7 රටවල් එකතු කරගැනීමට කැනඩාව කටයුතු කරමින් සිටින බව එරට විදේශ කටයුතු අමාත්‍ය මෙලනි ජොලි මහත්මිය පවසයි.

ශ්‍රී ලංකාවේ සිවිල් ගැටුමේ දී මානව හිමිකම් කඩවීම් සිදුවූ බවට චෝදනා කරමින් පසුගියදා හිටපු ජනාධිපතිවරුන් ඇතුළු සිව්දෙනෙකුට කැනඩාව සම්බාධක පැනවූ අතර ඒ සම්බන්ධයෙන් දමිල මාධ්‍ය නාලිකාවක් සමග සම්මුඛ සාකච්ඡාවට එක්වෙමින් ඇය මේ බව සඳහන් කළේය.

ප්‍රශ්නය – “ශ්‍රී ලාංකිකයින් සිව්දෙනෙකුට පසුගිය ජනවාරි 10 වනදා එල්ල කෙරුණු සම්බාධක පැනවීමට හේතුව සහ කාලරාමුව පිළිබඳව තවමත් පැහැදිලි අදහසක් නැහැ.”

කැනඩා විදේශ කටයුතු අමාත්‍ය මෙලනි ජොලි,

“අපි මේ සම්බන්ධයෙන් නිශ්චිත කාලයක් ක්‍රියාමාර්ග අරගෙන තිබුණා වගේම යුක්තිය ක්‍රියාත්මකවීම සම්බන්ධවත් අවධානයෙන් සිටියා. කැනඩාව සෑමවිටම මානව අයිතිවාසිකම් සුරැකීමට කටයුතු කරනවා. ඒ වගේම කැනඩාව වසර ගණනාවක් පුරාවට වගවීම පිළිබඳව ජාත්‍යන්තර වශයෙනුත් ප්‍රශ්න කිරීමට කටයුතු කළා. වගවීම පිළිබඳව ප්‍රශ්නයක් පවතින්නේ නම් එවිට ජාත්‍යන්තර නීතීය ක්‍රියාත්මකවීමක් සිදුවන්නේ නැහැ. ඒ නිසා තමයි අපි රාජපක්ෂ සහෝදරයින්ට සහ අනෙක් අයට ශක්තිමත් සම්බාධක පැනවීමට තීරණය කළේ.”

“මේ හරහා ඔවුන් සතුව කැනඩාවේ ඇති වත්කම් තහනම් කරනු ලබන අතර ඔවුන්ට කැනඩාවට ඇතුළත්වීමටද අවස්ථාව හිමිවන්නේ නැහැ. ඒ වගේම G7 රටවල් මෙවැනි පියවර ගැනීමට අවශ්‍ය පෙළඹවීම සිදුකිරීමයි අපේ අරමුණ.”

ප්‍රශ්නය – “ශ්‍රී ලංකාවේ ගැටලු ආමන්ත්‍රණය කිරීමට වඩා යුක්‍රේනය වැනි රටවල ගැටලු විසඳීමට කටයුතු කිරීමෙන් G7 රටවල සාමාජිකයින්ට වැඩි වාසියක් හිමිවනවා. මෙම ගැටලුව සම්බන්ධයෙන් G7 සාමාජිකයින් පෙළඹවීම මගින් කුමන බලපෑමක් ඇති කරයිද?”

පිළිතුර – “ඒක තමයි මගේ ඉලක්කය. මම ඔවුන්ගේ අවධානය යොමුකරවනවා. ශ්‍රී ලංකාවේ සිටින දෙමළ සමාජය දන්නවා මෙය තමයි ගැටලුව බව. සාමය ළඟා කරගැනීමට නම් සත්‍යය පෙන්වා දිය යුතු බව ඔවුන් දන්නවා.”

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Related articles

spot_img

Recent articles

381FansLike
28FollowersFollow
4,214FollowersFollow
5FollowersFollow
6,000SubscribersSubscribe
spot_img