27.2 C
Colombo
Friday, August 22, 2025

මහනුවර වායු දූෂණය ඉහළට – සෙසු ප්‍රදේශත් අවදානම්…

Published:

මහනුවර නගරය ආශ්‍රිත වායු ගෝලයේ ගුණාත්මකභාවයේ අඩුවක් දක්නට ලැබෙන බව පරිසර අමාත්‍යංශයේ ලේකම් වෛද්‍ය අනිල් ජාසිංහ මහතා පවසයි.

එවැනි තත්ත්වයක් ඇතිවීමට එහි පිහිටීම සෘජුව බලපා ඇති බව කොළඹ පැවති මාධ්‍ය හමුවකදී ඔහු පැවසුවේය.

“මහනුවර නගරයේ වායූ ගුණාත්මක තත්ත්වය පහත බසින්න මේ කාලයේ ඉන්දියාවේ උප මහද්වීපයෙන් එන ප්‍රවාහය වගේම එහෙම නැති වුණත් නුවර නගරයේ වායූ ගුණාත්මක තත්ත්වය එතරම් ප්‍රශස්ථ නෑ. එකට හේතු වෙන්නේ ස්ථානීය විමෝචනය. ස්ථානීය විමෝචනය කියන්නේ ඒ ප්‍රදේශයේ වාහන ගමනාගමනය ඒ ප්‍රදේශයේ යම්කිසි කර්මාන්ත මගින් කාබන්ඩයොක්සියිඩ් ඇතුළු විමෝචනය නිසා දුවිලි අංශු ඇතිවීම. නුවර පිහිටා තිබෙන සානු වැනි තත්ත්ව නිසා මේය තවත් උද්දීපනය වෙලා, මේ නරක තත්ත්වය ඇති වෙලා තියෙනවා.”

කෙසේවෙතත් ඉන්දියාවේ සිට හමා ආ වාතයේ පැවති අහිතර තත්ත්වය හේතුවෙන් දිවයිනේ බොහෝ ප්‍රදේශවල වායු ගෝලයේ නිරීක්ෂණය වූ අහිතකර ස්වභාවය තවදුරටත් දක්නට ඇති බව වෛද්‍ය අනිල් ජාසිංහ මහතා පවසයි.

“මේ කාල සීමාව තුළ අපිට කොහොමත් ප්‍රශස්ථ වායු ගුණාත්මක තත්ත්වයක් ඇති වන්නේ නෑ. මේක උච්ඡාවචනය වීමේ හැකියාව තියෙනවා. ඒ නිසා තමයි මේ වායු ගුණාත්මත තත්ත්වය මනින උපකරණ දිවයින පුරා සවි කරලා තියෙන්නේ. එය ජනතාවගේ දැනගැනීමට සලස්වන්න කියලා අපි දිගින් දිගටම කියන්නේ. නමුත් දැන් ඒ සඳහා මධ්‍යම පරිසර අධිකාරියත්, ගොඩනැගිලි පර්යේෂණ ආයතනය ඇතුළු ආයතන රැස්කරලා එක මට්ටමකට ගෙනැල්ලා එකාබද්ධ කරන වැඩපිළිවෙලකට යනවා. එහෙම කරලා දෛනිකව එම වායුවේ ගුණාත්මක තත්ත්වය ජනතාවට දැනගන්න ආකාරයට කටයුතු කරන්න තමයි අපි ඉක්මනින් බලාපොරොත්තු වෙන්නේ.”

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Related articles

spot_img

Recent articles

381FansLike
28FollowersFollow
4,369FollowersFollow
5FollowersFollow
6,000SubscribersSubscribe
spot_img