24.5 C
Colombo
Wednesday, November 26, 2025

මහනුවර නගරයේ පාසලක් තුළ ඝාතනය කළ පුද්ගලයෙකුගේ මළ සිරුරක්…

Published:

මහනුවර නගරයේ පිරිමි පාසලක ක්‍රීඩාගාරයේ කාමරයක් තුළ ඝාතනය කළ පුද්ගලයෙකුගේ මළ සිරුරක් අද (17) උදෑසන සොයාගෙන තිබෙනවා.

ඝාතනයට ලක්වූ පුද්ගලයාගේ අත් පා ගැටගසා තිබී ඇති අතර, මෙම පුද්ගලයා 27 හැවිරිදි විය පසු වූ හංවැල්ල ප්‍රදේශයේ පදිංචිකරුවෙක් බවයි පොලිසිය පැවසුවේ.

මෙම පුද්ගලයා අදාළ පාසලේ ආරක්ෂක නිලධාරියෙකු ලෙස සේවය කරන අයෙකු බවයි වාර්තා වන්නේ.

සිද්ධිය සම්බන්ධයෙන් අපරාධ ස්ථාන පරීක්ෂණ නිලධාරීන්, මහනුවර අධිකරණ වෛද්‍ය නිලධාරී, පොලිස් නිල සුනඛ කොට්ඨාසය විමර්ශන ආරම්භ කර තිබෙනවා.

මහනුවර පොලිසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ සිදුකරනු ලබනවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Related articles

spot_img

Recent articles

381FansLike
28FollowersFollow
5,472FollowersFollow
5FollowersFollow
6,000SubscribersSubscribe
spot_img