27.8 C
Colombo
Tuesday, September 9, 2025

මහජනයාගේ කාලය වැඩියෙන්ම නාස්ති කරන දෙපාර්තමේන්තුව …

Published:

දුම්රිය පැමිනිය යුතු වෙලාවට නොපැමිණිමත් ගමනාන්තයට නිසි වෙලාවට ලගානොවීමත් නිසා ලංකාවේ අකාර්යක්ෂමම ආයතනය බවට දුම්රිය දෙපාර්තමේන්තුව පත්වී තිබෙනවා. කාලය කලමණාකරණය කරගනිමින් ගමන් කරන මිනිසුන්ට දුම්රිය ප්‍රමාදවීම් නිසා සිදුවන ආර්ථික අලාභය රු. බිලියන ගණනාවක් බව වාර්තාවී තිබෙනවා. දෙපාර්තමේන්තුවේ වැඩ කරන සේවකයින්ට පවා ලැජ්ජාවට පත්වන තරමේ ආකාර්යක්ෂතාවයක් ආයතනය තුලින් පෙන්වනවා.

දුම්රිය ප්‍රමාදවීම් වලට හේතුන් සදහා ස්වාධීන පරීක්ෂණ නොපැවැත්වෙන අතර ඉහල කලමණාකාරීත්වයේ අකර්යක්ෂතාවය නිසාම දුම්රිය දෙපාර්තමේන්තුවට කිසිදු ප්‍රගතියක් අත්කරගැනීමට නොහැකි වී තිබෙනවා.

දුම්රිය දෙපාර්තමේන්තුව නිසා මිනිස්සුන්ට සිදුවන කාලය නාස්තිවීම් වලට විරුද්ධව නීතිමය ක්‍රියාමාර්ගයක් හො ගැනීමට නොහැකි දැයි මගී ජනතාව ප්‍ර‍ශ්න කරනවා.

වසර 75ක් තිස්සේ රට පාලනය කල දේශපාලඥයින්ට හා නිලධාරීන්ට කාර්යක්ෂම ප්‍රවාහන පද්ධතියක් බිහිකර ගැනීමට නොහැකි වීම ජාතික ඛේදවාචකයක් බවට පත්ව තිබෙනවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Related articles

spot_img

Recent articles

381FansLike
28FollowersFollow
4,908FollowersFollow
5FollowersFollow
6,000SubscribersSubscribe
spot_img