30.6 C
Colombo
Monday, January 19, 2026

මව්පිය ආරවුලට මැදි වූ 09 හැවිරිදි දරුවා පිහි පහරකින් ජීවිතක්ෂයට…

Published:

කොස්මෝදර, වරල්ල, උවරගල ප්‍රදේශයේ නිවසක ඊයේ (27) රාත්‍රියේ අඹුසැමි යුවළක් අතර බහින්බස් වීමක් දුරදිග යාමෙන් ඇති වූ ගැටුමකට මැදි වූ 09 හැවිරිදි දරුවෙක් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

දෙදෙනා අතර ඇතිවූ ගැටුම අතර තුර පියා විසින් මවට එල්ල කරන ලද පිහි පහරක් අනපේක්ෂිත ලෙස දරුවාගේ හිසේ වැදී ඇති බවයි වාර්තා වන්නේ.

එහිදී බරපතල තුවාල ලැබූ දරුවා ප්‍රතිකාර සඳහා මොරවක – කොස්නිල්ගොඩ රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව වැඩිදුර ප්‍රතිකාර සඳහා කරාපිටිය ශික්ෂණ රෝහල වෙත මාරුකර යවා තිබෙනවා.

එම රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටිය දී මෙම දරුවා අද (28) අලුයම අවාසනාවන්ත ලෙස ජීවිතක්ෂයට පත්ව ඇති බවයි අප වාර්තාකරු සඳහන් කළේ.

පිහි පහර එල්ල කළ පියා මාතර ප්‍රසිද්ධ සංගීත කණ්ඩායමක නිත්‍ය ගායන ශිල්පියෙකු ලෙස කටයුතු කරන අයෙක් බවයි වාර්තා වුණේ.

සැකකාර පියා මොරවක පොලිස් නිලධාරින් විසින් අත්අඩංගුවට ගෙන ඇති අතර, සිද්ධිය සම්බන්ධයෙන් කොස්මෝදර පොලීසිය වැඩිදුර පරීක්ෂණ සිදුකරණු ලබනවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Related articles

spot_img

Recent articles

381FansLike
28FollowersFollow
6,010FollowersFollow
5FollowersFollow
6,000SubscribersSubscribe
spot_img