30.6 C
Colombo
Sunday, July 6, 2025

මරණ දහස ඉක්ම වූ වෛරසයට නමක් දෙයි…

Published:

මරණ දහස ඉක්ම වූ වෛරසයට නමක් දෙයි…

ලොව පුරා පැතිර ගිය නව කොරෝනා වෛරසය, කොවිඞ් නයින්ටීන් (Covid-19) රෝගය ලෙස නම් කිරීමට ලෝක සෞඛ්‍ය සංවිධානය තීරණය කර තිබෙනවා.

මෙලෙස කොරෝනා වෛරස් රෝගයට නමක් ඉදිරිපත් කර ඇත්තේ ඉන් සිදු වූ පුද්ගල මරණ දහසේ සීමාව පසුකර ගෙන ගොස් ඇති පසුබිමකයි.

නව කොරෝනා වෛරසය ආශී‍්‍රත රෝගයට නිල නාමයක් ලබා දෙන ලෙස ඒ පිළිබඳ පරීක්ෂණ කරන විද්‍යාඥයින් මීට පෙර ඉල්ලා සිටියා. ඒ, වෛරසය හේතුවෙන් කිසියම් රටකට හෝ පුද්ගල කණ්ඩායමකට සිදුවිය හැකි අපකීර්තිය හා අපහසුතාවන් වලක්වා ගැනීමේ අරමුණින්.

කොරෝනා වෛරසය හේතුවෙන් මේ වන විට සිදුව ඇති පුද්ගල මරණ සංඛ්‍යාව 1,017ක්. පුද්ගලයින් 42,694 දෙනෙකුට වෛරසය ආසාධනය වී තිබෙනවා. පුද්ගලයින් 42,200 දෙනෙකුම චීන ජාතිකයින්. කෙසේ වෙතත් චීනය පවසන්නේ දෛනිකව වෛරසය ආසාධනය වන පිරිස මේ වන විට සියයට විස්සකින් පමණ පහළ ගොස් ඇති බවයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Related articles

spot_img

Recent articles

381FansLike
28FollowersFollow
4,206FollowersFollow
5FollowersFollow
6,000SubscribersSubscribe
spot_img