28.4 C
Colombo
Sunday, July 6, 2025

මයික්‍රොසොෆ්ට් සේවකයින් 6,000 ක් ඉවත් කරයි

Published:

මයික්‍රොසොෆ්ට් සමාගම, සිය සේවකයින් 6,000ක් පමණ සේවයෙන් ඉවත්කිරීමට තීරණය කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

ඊයේ (13) දිනයේ දී මෙම සේවක කප්පාදුව නිවේදනයකර ඇත.

මෙම සේවක කප්පාදුව 2023 දී එම සමාගම සිය සේවකයන් 10,000ක් රැකියාවලින් ඉවත් කිරීමෙන් පසු සිදු කරන විශාලතම සේවක කප්පාදුව වන අතර එය මයික්‍රොසොෆ්ට් සමාගමේ ශ්‍රම බළකායෙන් 3% කටත් වඩා අඩු ප්‍රමාණයක්.

කෙසේ නමුත් මෙම සේවක කප්පාදුව හරහා මයික්‍රොසොෆ්ට් සමාගම බලාපොරොත්තු වන්නේ, පිරිවැය පාලනය කිරීම සහ කෘතිම බුද්ධිය සඳහා ඩොලර් බිලියන ගණනක් ආයෝජනය කිරීම බවයි විදෙස් මාධ්‍ය වැඩිදුරටත් සඳහන් කරන්නේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Related articles

spot_img

Recent articles

381FansLike
28FollowersFollow
4,202FollowersFollow
5FollowersFollow
6,000SubscribersSubscribe
spot_img