28.4 C
Colombo
Sunday, July 6, 2025

මන්නාරම සමූහ මිනී වළේ අස්ථි කොටස් 1450-1650 කාලයට අයත් බව හෙළිවෙයි

Published:

මන්නාරම සමූහ මිනී වළෙන් හමු වූ මිනිස් අස්ථි කොටස්වල කාබන් පරීක්‍ෂණ වාර්තාව මන්නාරම මහේස්ත‍්‍රාත් අධිකරණය මහජන ලියවිල්ලක් මගින් අද (07) ප‍්‍රසිද්ධ කරනු ලැබුවා.

මෙහි අස්ථි සාම්පලවල කාබන් පරීක්‍ෂාව සිදු කෙරුණේ අමෙරිකාවේදීයි.

මෙම වාර්තාවන්ට අනුව එම අස්ථි සාම්පල කි‍්‍රස්තු වර්ෂ 1450 ත් 1650 ත් අතර කාලසීමාවකට අයත් බවට අනාවරණ වුවද එම කාලසීමාව නිශ්චිතව ප‍්‍රකාශ කළ නොහැකි බව දත්ත විශ්ලේෂකයින් පෙන්වා දී තිබෙනවා.

මන්නාරම සමූහ මිනීවළ තුළින් මිනිස් සිරුරු 325 ක අස්ථි කොටස් මතුකර ගැණුනා.

ඉන් සිරුරු 318 කට අයත් අස්ථි කොටස් මේ වනවිට ගොඩගෙන ඇති අතර ළමුන් විසි නව දෙනෙකුට අයත් අස්ථි කොටස් ද ඒ අතර වනවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Related articles

spot_img

Recent articles

381FansLike
28FollowersFollow
4,202FollowersFollow
5FollowersFollow
6,000SubscribersSubscribe
spot_img