27.2 C
Colombo
Tuesday, August 26, 2025

බොහෝ ප්‍රදේශවල අහස වළාකුලින් බරව පවතී…

Published:

නිරිත දිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ (ත්‍රිකුණාමලය සිට කි.මී. 300ක් පමණ ඊසාන දෙසින්) ස්ථාපිත වී පවතින “මැන්ඩවුස්” සුළි කුණාටුව පෙ.ව. 08.30 වන විට අක්ෂාංශ 9.5N සහ දේශාංශ 83.8Eආසන්නයේ ස්ථානගතව පැවතුනි. මෙම පද්ධතිය බටහිරට බරව වයඹ දෙසට ගමන් කර දෙසැම්බර් 09 රාත්‍රී කාලය වනවිට නිරිත දිග බෙංගාල බොක්ක හරහා උතුරු තමිල්නාඩු, පුදුචේරි සහ දකුණු ආන්ද්‍ර ප්‍රදේශ රළ තීරය හරහා ගමන් කිරිමට බොහෝ දුරට ඉඩ ඇත.

දිවයිනේ බොහෝ ප්‍රදේශවල අහස වලාකුලින් බරව පවතී.

උතුරු පළාතේ නිරන්තර වැසි ඇති වන අතර ඇතැම් ස්ථාන වලට මි. මි. 100 ට වැඩි තද වැසි ඇතිවිය හැක.

සබරගමුව පළාතේ සහ ගාල්ල, මාතර සහ ත්‍රිකුණාමලය දිස්ත්‍රික්ක වල විටින් විට වැසි ඇති වේ.

බස්නාහිර සහ වයඹ පළාත් වලත්, නුවර එළිය සහ මහනුවර දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇති විය හැක.

උතුරු, උතුරු-මැද, නැගෙනහිර, ඌව, සහ මධ්‍යම පළාත්වල විටින් විට හමන පැ.කි.මී. (60-70) පමණ තද සුළං බලාපොරොත්තු වේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Related articles

spot_img

Recent articles

381FansLike
28FollowersFollow
4,413FollowersFollow
5FollowersFollow
6,000SubscribersSubscribe
spot_img