28.4 C
Colombo
Friday, August 22, 2025

‘බොරු’ දරු ප්‍රසූතියක් පෙන්වා බලහත්කාරයෙන් ආපසු හැරවූ ගුවන් ගමන…

Published:

පසුගිය සතියේ ස්පාඤ්ඥයේ ගුවන් තොටුපලක් තුළ සිදුවූ අනපේක්ෂිත හදිසි ගොඩබෑමක් සැකසහිත වීම නිසා ඒගැන පරීක්ෂණ අරඹා ඇතැයි විදෙස් මාධ්‍ය අනාවරණය කරයි. මොරොක්කෝවේ සිට තුර්කිය බලා පියාසර කරමින් තිබූ Pegasus එයාර්ලයින්ස් සේවාවට අයත් ගුවන් යානයක් බාසිලෝනා හි El Prat ගුවන් තොටුපළට හදිසියට ගොඩ බස්සවා ඇත්තේ තමා ප්‍රසව වේදනා විඳින බවට කාන්තාවක් සිදු කළ ප්‍රකාශයක් නිසාය. මෙය ව්‍යාජ රංගනයක් බවත් වෙනත් පිරිසකගේ උවමනාවට කළ එකක් බවත් දැන් හෙළිව තිබේ.

හදිසි ගොඩබෑමකින් පසු ගුවන් යානයේ සිට දිව ගිය පුද්ගලයින් 14 දෙනෙකු ස්පාඤ්ඤ පොලිසිය විසින් සොයමින් සිටී – කාන්තාවට දරු ප්‍රසූතියට ආසන්න බව ව්‍යාජ ලෙස කියමින් බලහත්කාරයෙන් මෙම ගොඩ බැසීම සිදු කරන ලද නිසා බොහෝ අයට වේලාවන් ප්‍රමාදවීම ඇතුළු අවාසි රැසක් සිදු විය.

බලධාරීන් පවසන්නේ, යානය බිම ස්පර්ශ වූ පසු, 28 දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් පිටව ගොස් පලා යාමට උත්සාහ කළ බවයි.

පිරිසෙන් අඩක් නැවැත්වීමට පොලිසිය සමත් වූ නමුත් 14 දෙනෙකු ගුවන් තොටුපළේදී නිලධාරීන්ගෙන් පැන ගොස් ඇත.

පසුව වෛද්‍යවරුන් සිදුකළ පරීක්ෂාවේදී මෙම කාන්තාව ගැබිණියක් නමුත් දරු ප්‍රසූතියට ආසන්න නොවන බව සොයා ගත් අතර, අනවශ්‍ය බියක් ඇති කිරීම හා ගමනට බාධා කිරීම සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගෙන ඇත.

ස්පාඤ්ඤ බලධාරීහු පැවසුවේ අල්ලා ගත් පුද්ගලයින්ගෙන් පස් දෙනෙකු මොරොක්කෝ නගරයේ කැසබ්ලැන්කා සිට ඉස්තාන්බුල් දක්වා ගුවන් යානයට ආපසු ගෙන යාමට සූදානම් වූ බවයි.
බලධාරීන්ට අනුව, ඔවුන්, ව්‍යාජ දරු ප්‍රසූතියක් මවා පෑ කාන්තාව පාවිච්චි කර රටින් පිටවන්නට උත්සාහයක් දරා ඇත.

Flightradar.com වෙබ් අඩවියට අනුව, මගීන් 228 දෙනෙකු ජෙට් යානයේ සිට ඇති අතර, එය අවසානයේ ප්‍රාදේශීය වේලාවෙන් පස්වරු 1.10 ට ඉස්තාන්බුල් වෙත ගොඩ බැස්ස බව පවසයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Related articles

spot_img

Recent articles

381FansLike
28FollowersFollow
4,367FollowersFollow
5FollowersFollow
6,000SubscribersSubscribe
spot_img