31.7 C
Colombo
Sunday, July 6, 2025

බෙල් 212 හෙලිකොප්ටරයක් කඩා වැටෙයි | 12දෙනා බේරාගනී | මියගිය ගණන 6ක්

Published:

බෙල් 212 හෙලිකොප්ටරයක් කඩා වැටෙයි

ශ්‍රී ලංකා ගුවන් හමුදාවට අයත් බෙල් 212 වර්ගයේ හෙලිකොප්ටර් යානයක් අද (09) උදෑසන කඩාවැටී තිබේ.

ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ අංක 7 බලගණයට අයත් බෙල් 212 හෙලිකොප්ටර් යානයක් මෙලෙස කඩාවැටී ඇත.

විසිරයෑමේ පෙළපාලියක නිදර්ශනයක් අතරතුර අනතුර සිදුවී ඇති බවද වාර්තා වෙයි.

අදාළ යානයේ ගුවන් නියමුවන් දෙදෙනා ඇතුළු පුද්ගලයින් 12 දෙනෙකු ගමන් කර තිබෙන බවද වාර්තා වෙයි.

එම යානය මාදුරුඔය ජලාශයට කඩා වැටී ඇති බවද තවදුරටත් වාර්තා වෙයි.

මේ අතර ගුවන් හමුදාව සඳහන් කළේ මේ වනවිට ඉන් පුද්ගලයින් 10 දෙනෙකු පමණ බේරාගෙන ඇති බවය.

කඩා වැටුණු බෙල් 212 හෙලිකොප්ටරයේ සිටි 12දෙනා බේරාගනී

එහි ගුවන් නියමුවන් දෙදෙනා ඇතුළු පුද්ගලයින් 12 දෙනෙකු ගමන් කර තිබූ අතර ඔවුන් සියලුදෙනාම බේරාගත් බව ශ්‍රී ලංකා ගුවන් හමුදාව පැවසීය.

ඒ අනුව ඔවුන්ව රෝහල්ගත කිරීමට කටයුතු කර තිබේ.

බෙල් 212 අනතුරෙන් මියගිය ගණන 6ක් වෙයි

එම අනතුරෙන් මියගිය ගණන 6ක් දක්වා ඉහළ ගොස් තිබේ.

හෙලිකොප්ටර් යානය අද උදෑසන හදිසි ගොඩබෑමකදී මාදුරුඔය ජලාශයට කඩාවැටී තිබුණි.

එහිදී ගුවන් හමුදා හෙලිකොප්ටර් භටයින් දෙදෙනෙකු සහ හමුදා විශේෂ බළකායේ භටයින් 4 දෙනෙකු ජීවිතක්ෂයට පත්වී ඇති බව වාර්තා වෙයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Related articles

spot_img

Recent articles

381FansLike
28FollowersFollow
4,207FollowersFollow
5FollowersFollow
6,000SubscribersSubscribe
spot_img